Day: January 5, 2022

පැරණි පාර්ලිමේන්තුවට ගිණි තැබීමේ සිද්ධියේ සැකකාර වික්ටෝරියා තරුණයා ඇප කොන්දේසි කඩා යළි අත්අඩංගුවට

කැන්බරා හි පිහිටා ඇති පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගිණි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ගොණු කල වික්ටෝරියා ප්‍රාන්තවාසී 30 හැවිරිදි තරුණයා ඇප කොන්දේසි කඩ කිරීමේ චෝදනා මත නැවත වරක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු ඊයේ දිනයේදී දැඩි ඇප කොන්දේසි මතයි මුදා හරිනු ලැබුවේ. එහෙත් මෙම තැනැත්තා ඒවා කඩ කර ඇති බව ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය සඳහන් කලා. ඒ අනුව අද අත්අඩංගුවට ගත් සැකකරු නැවතත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති මුලු සැකකරුවන් ගණන 04 ක්.

Read More »

වික්ටෝරියා ළමුන්ට කොවිඩ් එන්නත් සඳහා වේලාවන් වෙන්කර ගැනීම ඇරඹෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමුන් සඳහා ප්‍රාන්ත රජය විසින් පවත්වාගෙන යන මධ්‍යස්ථානවලදී කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සඳහා වේලාවන් වෙන්කර ගැනීම අද පස්වරු 01 සිට ආරම්භ වුණා. ඔන්ලයින් ක්‍රමයට හෝ දුරකථන මාර්ගයෙන් එම වෙන්කරවා ගැනීම් සිදුකල හැකි බවයි ප්‍රාන්තයේ වැඩ බලන අගමැති ජසින්තා ඇලන් සඳහන් කලේ. ඔස්ටේ්‍රලියාවේ වයස අවුරුදු 05 ත් 11 ත් අතර ළමුන්ට එන්නත්කරණය ලබන සතියේ සිට ආරම්භ වනවා. සති 08 ක පරතරයක් සහිතව ෆයිසර් මාත්‍රා 02 ක් ඔවුන්ට ලබාදීමට නියමිතයි. සෑම දෙමව්පියෙකුම සිය දරුවන් එන්නත්කරණයට

Read More »

සිඩ්නි – මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර රැසක සුපිරි වෙළඳසැල්වල ආහාර හිගයක්

කොවිඩි ආසාධිතයන් ඉහළයන වාතාවරණයකදී සිඩ්නි – මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර රැසක සුපිරි වෙළඳසැල්වල ආහාර හිගයක් නිර්මාණය වී තිබෙනවා. එය සමස්ත ජනවාරි මාසය පුරාවටම පවතිනු ඇති බවටයි අනතුරු ඇගවෙන්නේ. කොවිඩ් තත්වයත් සමග බොහෝ පිරිසක් නිරෝධායනය කිරීම හමුවේ නිෂ්පාදන අඩාලවී ප්‍රමාණවත් පරිදි සැපයුම් නොමැතිවීම මීට ප්‍රධාන හේතුව වී තිබෙනවා. වැඩිම හිගයක් නිර්මාණය වී ඇත්තේ මස් ආශ්‍රිත නිෂ්පාදනවලයි. එමෙන්ම නැවත වරක් ලොක්ඩවුන් කිරීම් සිදුකරනු ඇතැයි බියෙන් පාරිභෝගිකයන් විසින් ප්‍රමාණය ඉක්මවා මිළදී ගැනීම් සිදුකිරීමද මීට හේතුවක් බව සුපිරි වෙළඳසැල්

Read More »

ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්ත 06 කින් ඊයේ කොවිඩ් ආසාධිතයන් 64,641 ක්

ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්ත 06 කින් ඊයේ දිනයේදී කොවිඩ් ආසාධිතයන් 64,641 දෙනෙකු වාර්තා වී තිබෙනවා. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ සටහන්වූ කොවිඩ් ආසාධිතයන් ගණන 35,054 ක්. වික්ටෝරියා ප්‍රාන්තයෙන් 17,636 දෙනෙකුද – ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් 6,781 දෙනෙකුද – දකුණු ඔස්ටේ්‍රලියාවෙන් 3,493 දෙනෙකුද ගතවූ පැය 24 තුළදී කොවිඩ් රෝගීන් ලෙස වාර්තා වුණා. ටස්මේනියාවේ 867 දෙනෙකුද ACT ප්‍රාන්තයේ 810 දෙනෙකුද ඊයේ කොවිඩ් ආසාධිතයන් අතරට අයත්. කොවිඩ් වසංගතය ආරම්භවීමෙන් පසු ඔස්ටේ්‍රලියාවෙන් එක් දිනයකදී කොවිඩ් ආසාධිතයන් 50,000 ඉක්මවා වාර්තාවූ පළමු අවස්ථාව මෙයයි.

Read More »
NATIONAL CABINET

ජාතික කැබිනට් මණ්ඩලය අද යළි රැස්වේ – රැපිඩ් කට්ටල ගාස්තු අඩුවන ළකුණු

ජාතික කැබිනට් මණ්ඩලය අගමැති ස්කොට් මොරිසන්ගේ ප්‍රධානත්වයෙන් අද නැවතත් රැස්වනවා. දැනට උද්ගතව ඇති රැපිඩ් ඇන්ටිජන් කට්ටල ගැටලුව සම්බන්ධයෙන් එහිදී වැඩි අවධානයක් යොමු කරනු ඇති බවටයි වාර්තා පළවන්නේ. රැපිඩ් කට්ටල සඳහා සහනාධාරයක් ලබාදීමේ යෝජනාවක් අගමැතිවරයා විසින් ඉදිරිපත් කරනු ඇති බව ද සඳහන්. ඒවා නොමිළයේ ලබාදෙන්නැයි රජයට එල්ලවන බලපෑම ඉහළගොස් තිබෙනවා. විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් ද අවධාරණය කරන්නේ කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථාන රැසක් වසා දමා ඇති බැවින් රැපිඩ් කට්ටල නොමිළයේ ලබාදීමට ෆෙඩරල් රජය පියවර ගත යුතු බවයි. එබැවින්

Read More »