Search

වික්ටෝරියා ළමුන්ට කොවිඩ් එන්නත් සඳහා වේලාවන් වෙන්කර ගැනීම ඇරඹෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමුන් සඳහා ප්‍රාන්ත රජය විසින් පවත්වාගෙන යන මධ්‍යස්ථානවලදී කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සඳහා වේලාවන් වෙන්කර ගැනීම අද පස්වරු 01 සිට ආරම්භ වුණා.

ඔන්ලයින් ක්‍රමයට හෝ දුරකථන මාර්ගයෙන් එම වෙන්කරවා ගැනීම් සිදුකල හැකි බවයි ප්‍රාන්තයේ වැඩ බලන අගමැති ජසින්තා ඇලන් සඳහන් කලේ.

ඔස්ටේ්‍රලියාවේ වයස අවුරුදු 05 ත් 11 ත් අතර ළමුන්ට එන්නත්කරණය ලබන සතියේ සිට ආරම්භ වනවා.

සති 08 ක පරතරයක් සහිතව ෆයිසර් මාත්‍රා 02 ක් ඔවුන්ට ලබාදීමට නියමිතයි.

සෑම දෙමව්පියෙකුම සිය දරුවන් එන්නත්කරණයට යොමුකල යුතු බවයි වික්ටෝරියා ප්‍රාන්ත රජය අවධාරණය කර සිටින්නේ.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තවාසීන් අතර නොමිළයේ බෙදාදීම සඳහා තවත් රැපිඩ් කට්ටල මිලියන 10 ක් ලැබීමත් සමග එම මුලු කට්ටල සංඛ්‍යාව මිලියන 44 දක්වා ඉහළ යනු ඇති.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »