Search

ජාතික කැබිනට් මණ්ඩලය අද යළි රැස්වේ – රැපිඩ් කට්ටල ගාස්තු අඩුවන ළකුණු

NATIONAL CABINET

ජාතික කැබිනට් මණ්ඩලය අගමැති ස්කොට් මොරිසන්ගේ ප්‍රධානත්වයෙන් අද නැවතත් රැස්වනවා.

දැනට උද්ගතව ඇති රැපිඩ් ඇන්ටිජන් කට්ටල ගැටලුව සම්බන්ධයෙන් එහිදී වැඩි අවධානයක් යොමු කරනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

රැපිඩ් කට්ටල සඳහා සහනාධාරයක් ලබාදීමේ යෝජනාවක් අගමැතිවරයා විසින් ඉදිරිපත් කරනු ඇති බව ද සඳහන්.

ඒවා නොමිළයේ ලබාදෙන්නැයි රජයට එල්ලවන බලපෑම ඉහළගොස් තිබෙනවා.

විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් ද අවධාරණය කරන්නේ කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථාන රැසක් වසා දමා ඇති බැවින් රැපිඩ් කට්ටල නොමිළයේ ලබාදීමට ෆෙඩරල් රජය පියවර ගත යුතු බවයි.

එබැවින් අඩු ආදායම් ලබන පුද්ගලයන්ට රැපිඩ් කට්ටල අඩු මිළකට ලබාදීම සම්බන්ධයෙන් ජාතික කැබිනට් මණ්ඩලය සාකච්ඡා කරනු ඇති බව සඳහන්.

පසුගිය සතියේදී අගමැති මොරිසන් සඳහන් කලේ රැපිඩ් කට්ටල නොමිළයේ ලබාදීමට හැකියාවක් නොමැති බවයි.