Day: January 3, 2022

මහින්ද අගමැති ධූරය හැර යනවාද ? ඇත්තම කථාව මෙන්න

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධුරයෙන් ඉවත් වන බවට දින කිහිපයක් පුරා සහ අද දින පැතිර යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය අවධාරණය කරනවා. රටේ ජනතාව නොමග යවන අයුරින් සිදුවන මෙවැනි අසත්‍ය ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා සඳහන් කලේ. අද රටේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ප්‍රයෝජනයට ගෙන සමහරුන්  ආණ්ඩුව ගැන වැරදි කතා පතුරුවමින් සිටින බව අගමැතිවරයා  කීවේය මේ බොරු කතා පිළිගැනීමට තරම් රටේ ජනතාව මෝඩ නැතැයිද  අගමැතිවරයා  සඳහන් කළේය.

Read More »

බටහිර ඔස්ටේ්‍රලියා මුහුණු ආවරණ රෙගුලාසි සිකුරාදා දක්වා දීර්ඝ කරයි

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ ගෘහස්ථ කටයුතුවලදී මුහුණු ආවරණ පැළඳීම ලබන සිකුරාදා දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ සමාජයෙන් තවත් ඩෙල්ටා ප්‍රභේද ආසාධිතයන් දෙදෙනෙකු වාර්තාවීමත් සමගයි. මේ අතර කලින් නිවේදනය කර තිබූ පරිදි හෙට දිනයේදී Hospitality ක්ෂේත්‍රයට අදාළ රෙගුලාසි ලිහිල් කිරීමක් සිදුවන බව පර්ත් බළධාරීන් සඳහන් කරනවා. හෙට උදාසන 06 සිට අවන්හල්වල අසුන් ගත හැකි උපරිම සංඛ්‍යාවේ සහ නර්තනයේ යෙදිය හැකි ධාරිතාවය ඉවත් කෙරෙනු ඇති. මීට අමතරව පොදු ස්ථානවල කොවිඩ් මර්දන රෙගුලාසි දැඩි කෙරෙන අතර අනවසරයෙන් පැමිණෙන්නන්ට එරෙහිව දැඩි

Read More »

ඔස්ට්‍රේලියානු රජය රැපිඩ් ඇන්ටිජන් කට්ටල මිලියන 84 ක් ඇණවුම් කරයි

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල මිලියන 84 ක් ඇණවුම් කර ඇත. ප්‍රාන්තවලට තවත් පරීක්ෂණ කට්ටල සැපයුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg පැවසීය. රැපිඩ් ඇන්ටිජන් කට්ටල නොමිළයේ ලබාදීම මෙම අවස්ථාවේදී සිදුකල නොහැකි බව අගමැති ස්කොට් මොරිසන් පවසනවා. එමගින් ඒවා නිෂ්පාදන සමාගම් කඩා වැටිය හැකි බවයි ඔහු කියාසිටියේ. ගතවූ පැය 24 තුළදී ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්ත 06 කින් වාර්තා වූ කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 37,152 ක්.

Read More »

පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ගිණි තැබීම : වික්ටෝරියා පදිංචි තරුණයෙකු අත්අඩංගුවට

කැන්බරා හි පිහිටා ඇති පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගිණි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට වික්ටෝරියා ප්‍රාන්තයේ පදිංචි 30 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ACT ප්‍රාන්ත පොලිසිය සහ ඔස්ටේ්‍රලියා ෆෙඩරල් පොලිසිය ඒකාබද්ධව සිදුකල වැටලීමක් අනුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ. මේ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුලු සැකකරුවන් ගණන 04 දක්වා ඉහළ යනු ඇති. කඩාකප්පල්කාරී ක්‍රියාවක නිරතවීම සහ පොදු දේපළකට හානි කිරීම යන චෝදනා මෙම තැනැත්තාට එරෙහිව නගා තිබෙනවා. සැකකරු ACT මහේස්ත්‍රාත් අධිකරණයට හෙට ඉදිරිපත් කෙරෙනවා. පසුගිය බ්‍රහස්පතින්දා

Read More »