පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ගිණි තැබීම : වික්ටෝරියා පදිංචි තරුණයෙකු අත්අඩංගුවට

කැන්බරා හි පිහිටා ඇති පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගිණි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට වික්ටෝරියා ප්‍රාන්තයේ පදිංචි 30 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ACT ප්‍රාන්ත පොලිසිය සහ ඔස්ටේ්‍රලියා ෆෙඩරල් පොලිසිය ඒකාබද්ධව සිදුකල වැටලීමක් අනුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

මේ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුලු සැකකරුවන් ගණන 04 දක්වා ඉහළ යනු ඇති.

කඩාකප්පල්කාරී ක්‍රියාවක නිරතවීම සහ පොදු දේපළකට හානි කිරීම යන චෝදනා මෙම තැනැත්තාට එරෙහිව නගා තිබෙනවා.

සැකකරු ACT මහේස්ත්‍රාත් අධිකරණයට හෙට ඉදිරිපත් කෙරෙනවා.

පසුගිය බ්‍රහස්පතින්දා විරෝධතාකරුවන් පිරිසක් විසින් සිදුකල ගිණි තැබීමකින් එහි ඉදිරිපස කොටසට දැඩි හානි සිදුවුණා.

https://www.abc.net.au/news/2022-01-03/victorian-man-charged-with-arson-over-old-parliament-house-fire/100735966

PIC – 4BC

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »