
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධුරයෙන් ඉවත් වන බවට දින කිහිපයක් පුරා සහ අද දින පැතිර යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය අවධාරණය කරනවා.
රටේ ජනතාව නොමග යවන අයුරින් සිදුවන මෙවැනි අසත්‍ය ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා සඳහන් කලේ.
අද රටේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ප්‍රයෝජනයට ගෙන සමහරුන් ආණ්ඩුව ගැන වැරදි කතා පතුරුවමින් සිටින බව අගමැතිවරයා කීවේය

මේ බොරු කතා පිළිගැනීමට තරම් රටේ ජනතාව මෝඩ නැතැයිද අගමැතිවරයා සඳහන් කළේය.
ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තිබූ පලියට එය අයුතු ලෙස ප්‍රයෝජනයට ගැනීම සාධාරණ නොවන බවද අගමැති මහින්ද රාජපක්ෂ කීවේය.
