Day: January 1, 2022

හෙට අලුයම 01 සිට ක්වීන්ස්ලන්ඩ් මුහුණු ආවරණ රෙගුලාසි තවත් දැඩි වෙයි

ගතවූ පැය 24 තුළදී ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 2266 දෙනෙකු හඳුනාගෙන තිබේ. එය ඊයේ වාර්තාවු ආසාධිතයන් 3118 ට වඩා අඩුවකි. මේ අතර හෙට එනම් ජනවාරි 02 වනදා අලුයම 01 සිට බල පැවැත්වෙන පරිදි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය තුළ ගෘහස්ථ කටයුතුවලදී මුහුණු ආවරණ භාවිතය අනිවාර්ය කර තිබේ. ඒ අනුව රැකියා ස්ථාන –  Pubs – Clubs – අවන්හල් සහ ක්‍රීඩාගාර වලදීද මුහුණු ආවරණ භාවිතය අනිවාර්යයි. ඒ දැනට මුහුණු ආවරණ අනිවාර්ය ස්ථානවලට අමතරවයි. https://twitter.com/AnnastaciaMP/status/1477083347746635777?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1477083347746635777%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.9news.com.au%2Fnational%2Fcoronavirus-update-queensland-records-2266-new-covid19-cases-as-mask-mandate-is-introduced%2F731e887e-3b3f-4afe-ad0d-ae59b3bde939

Read More »

ඔස්ටේ්‍රලියාව ලොව ශක්තිමත් රටක් – නව වසරට සුභ පතමින් අගමැති කියයි

වසරකට සිටි තත්වයට වඩා අද වනවිට ඔස්ටේ්‍රලියාව ශක්තිමත් ස්ථානයක සිටින බව අගමැති ස්කොට් මොරිසන් පවසනවා. 2022 වසර වෙනුවෙන් සිය සුභ පැතුම් පණිවුඩය නිකුත් කරමිනුයි ඔහු මේ බව සඳහන් කරන්නේ. කොවිඩ් – ගංවතුර – ලැව්ගිණි – නියග වැනි ආපදා හමුවේ වුවද ඔස්ටේ්‍රලියාව ලොව ශක්තිමත් රටක් ලෙස නැගී සිටින බවයි අගමැතිවරයා සඳහන් කරන්නේ. එමෙන්ම කොවිඩ් තත්වය හමුවේ කඩා නොවැටී පැවති ආර්ථිකයන්ගෙන් එකක් බවට ඔස්ටේ්‍රලියාවද පත්වූ බවයි අගමැති මොරිසන් සිහිපත් කරන්නේ. 2022 දී සියලු අභියෝග ජයගනිමින් ඉදිරියට යාමට

Read More »

ඊයේ NSW ආසාධිතයන් 22,577| වික්ටෝරියාවේ ආසාදිතයින් 7,442ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (31) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 22,577 ක් වාර්තා වි තිබේ. දැනට 901 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 79 දනෙකු දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 05 ක් වාර්තා විය​. පසුගිය පැය 24 තුළදී COVID පරීක්ෂණ 119,278 ක් සිදු කර ඇත. https://twitter.com/NSWHealth/status/1477036874875109379?s=20 ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 7,442 ක් හමුව ඇත. මරණ 9 ක් ද

Read More »
DOLLAR-MONEY.

ඔස්ටේ්‍රලියාව තුළ ක්ෂේත්‍ර ගණනාවක වෙනස්කම් රැසක් අද සිට

ජනවාරි පළමුවනදා උදාවීමත් සමග ඔස්ටේ්‍රලියාව තුළ ක්ෂේත්‍ර ගණනාවක වෙනස්කම් රැසක් අද සිට සිදුවනවා. වයස් කාණ්ඩ කිහිපයක් සඳහා ලබාදෙන මූල්‍ය ප්‍රදානයන් අද සිට ඉහළ දමා තිබෙනවා. තරුණ දීමනා – වැඩිහිටි දීමනා ආදී ප්‍රදානයන් කිහිපයක් ඒ අතර වනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ ඉහළ පිරිවැටුමක් සහිත ව්‍යාපාරික ආයතනවලින් නව මානසික සෞඛ්‍ය බද්ද අයකිරීමද අද සිට ක්‍රියාත්මකයි. මේ අතර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සුනඛයන් කාණ්ඩ කිහිපයකට ගෙල බැඳි කරපටි භාවිතයද අද සිට අනිවාර්යයි.

Read More »

සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වෙමින් ඔස්ටේ්‍රලියානුවන් නව වසර පිළිගනී

සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වෙමින් ඔස්ටේ්‍රලියානුවන් 2022 නව වසර පිළිගනු ලැබුවා. සිඩ්නි – මෙල්බන් – බ්‍රිස්බන් – පර්ත් – ඇඩිලේඩ් – කැන්බරා ආදී ප්‍රධාන නගර රැසක පැවති සැමරුම් උත්සව සඳහා අති විශාල ජනකායක් සහභාගී වී සිටිනු දක්නට ලැබුණා. ගිණිකෙළි සංදර්ශනවලට මුල් තැන දෙමිනුයි මෙවරත් ඔස්ටේ්‍රලියාව තුළ නව වසර උදාව පිළිගනු ලැබුවේ. එක් එක් ප්‍රාන්තවල සෞඛ්‍ය අංශ විසින් කල ඉල්ලීම් අනුව සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් මෙම උත්සවවලට ජනතාව සහභාගී වී සිටීම විශේෂත්වයක්. පසුගිය වසරේ පැවති නව වසර උදාවේ

Read More »