ඔස්ටේ්‍රලියාව ලොව ශක්තිමත් රටක් – නව වසරට සුභ පතමින් අගමැති කියයි

වසරකට සිටි තත්වයට වඩා අද වනවිට ඔස්ටේ්‍රලියාව ශක්තිමත් ස්ථානයක සිටින බව අගමැති ස්කොට් මොරිසන් පවසනවා.

2022 වසර වෙනුවෙන් සිය සුභ පැතුම් පණිවුඩය නිකුත් කරමිනුයි ඔහු මේ බව සඳහන් කරන්නේ.

කොවිඩ් – ගංවතුර – ලැව්ගිණි – නියග වැනි ආපදා හමුවේ වුවද ඔස්ටේ්‍රලියාව ලොව ශක්තිමත් රටක් ලෙස නැගී සිටින බවයි අගමැතිවරයා සඳහන් කරන්නේ.

එමෙන්ම කොවිඩ් තත්වය හමුවේ කඩා නොවැටී පැවති ආර්ථිකයන්ගෙන් එකක් බවට ඔස්ටේ්‍රලියාවද පත්වූ බවයි අගමැති මොරිසන් සිහිපත් කරන්නේ.

2022 දී සියලු අභියෝග ජයගනිමින් ඉදිරියට යාමට අපේක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවයද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා.

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

කැන්බරා සහ හෝබාට් හිදී 3399ක් නිරුවතින් පිහිනයි

කැන්බරාහි බර්ලි ග්‍රිෆින් විලෙහි වාර්ෂිකව සිදු කරනු ලබන ශීත සෘතු නිරුවත් පිහිනීම සඳහා මෙවර වාර්තාගත පුද්ගලයන් පිරිසක් එක්ව තිබෙනවා.

Read More »