Search

සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වෙමින් ඔස්ටේ්‍රලියානුවන් නව වසර පිළිගනී

සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වෙමින් ඔස්ටේ්‍රලියානුවන් 2022 නව වසර පිළිගනු ලැබුවා.

සිඩ්නි – මෙල්බන් – බ්‍රිස්බන් – පර්ත් – ඇඩිලේඩ් – කැන්බරා ආදී ප්‍රධාන නගර රැසක පැවති සැමරුම් උත්සව සඳහා අති විශාල ජනකායක් සහභාගී වී සිටිනු දක්නට ලැබුණා.

ගිණිකෙළි සංදර්ශනවලට මුල් තැන දෙමිනුයි මෙවරත් ඔස්ටේ්‍රලියාව තුළ නව වසර උදාව පිළිගනු ලැබුවේ.

එක් එක් ප්‍රාන්තවල සෞඛ්‍ය අංශ විසින් කල ඉල්ලීම් අනුව සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් මෙම උත්සවවලට ජනතාව සහභාගී වී සිටීම විශේෂත්වයක්.

පසුගිය වසරේ පැවති නව වසර උදාවේ සැමරුම් සඳහා සහභාගීවීමට අවස්ථාවක් නොලැබීම හමුවේයි මෙවර ඔස්ටේ්‍රලියානුවන් වැඩි පිරිසක් එළිමහන් අවස්ථාවන්ට එක්ව සිටියේ.

PIC – GETTY

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

Read More »