Day: December 29, 2021

ඔස්ටේ්‍රලියාවේ අලුත් කෘෂි වීසා කාණ්ඩයට වෙන්න යන දේ

කෘෂිකර්මය නගාසිටුවීමේ අරමුණින් ඔස්ටේ්‍රලියාව විසින් හඳුන්වාදුන් නව වීසා කාණ්ඩය යටතේ මෙතෙක් කිසිදු වීසා බලපත්‍රයක් නිකුත් කර නැතැයි අනාවරණය වනවා. The agricultural worker visa හෙවත් AgVisa ලෙස නම් කල මෙම වීසා කාණ්ඩය යටතේ පුහුණු ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට ඔස්ටේ්‍රලියාව විසින් මේ දක්වා කිසිදු රටක් සමග ගිවිසුම් අත්සන් කර නොතිබීමයි ඊට හේතුව වන්නේ. පසුගිය ඔක්තෝබර් මාසයේදී මෙම නව වීසා කාණ්ඩය හඳුන්වාදෙනු ලැබුවේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ට ඔස්ටේ්‍රලියාවේ ගොවිපොළවල සේවය කිරීම සඳහා අවස්ථාව සළසා දීමේ අරමුණ ඇතිවයි. කෙසේවෙතත් ඒ සඳහා අඩු

Read More »
CBSL

ශ්‍රී ලංකා විදේශ සංචිත ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් විදේශ සංචිත ප්‍රමාණය US ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා නිකුත් කල ට්විටර් සටහනක ඒ බව සඳහන්. එමෙන්ම ලබන වසරේ ජනවාරි මස මුල් භාගයේදී තවදුරටත් විදේශ මුදල් ගලාඒම අපේක්ෂාවෙන් සිටින බවද මහ බැංකුව සඳහන් කලා. දේශීය වෙළෙඳපොළ තුළ විදේශ විනිමය ද්‍රවශීලතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් මහ බැංකුව ගෙන ඇති ක්‍රියාමාර්ග, ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සඳහා දිරි දීමනා යෝජනා ක්‍රම හඳුන්වාදීම සහ අපනයන ආදායම නැවත මෙරටට

Read More »

මරේ ගංගාවේ බෝට්ටුවක ගින්නකින් කුඩා ළමුන් 05 දෙනෙකු ඇතුලු 06 කට තුවාල

වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත සීමාව ආසන්නයේදී මරේ ගංගාවේ යාත්‍රා කරමින් තිබු බෝට්ටුවක හටගත් ගින්නකින් කුඩා ළමුන් 05 දෙනෙකු ඇතුලු 06 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අසාධ්‍ය තත්වයේ පසුවන එක් දැරියක ගුවන් මගින් Royal Children’s Hospital වෙත රැගෙනගිය බව සඳහන්. බෝට්ටුවේ එන්ජිමෙහි ගින්නක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. අනතුරුව කිසියම් පිපිරීමක් සිදුවී තිබෙනවා. තුවාල ලැබූ ළමුන් 05 දෙනා අතර ගැහැණු ළමුන් 03 දෙනෙකු සහ පිරිමි ළමුන් දෙදෙනෙකු වනවා. අනෙක් තැනැත්තා 30 හැවිරිදි අයෙක්. ඔවුන් සියලු

Read More »

වික්ටෝරියා ආසාධිතයන් තවත් ඉහළ යනු ඇතැයි අනාවැකි – රැපිඩ් කට්ටලත් නොමිලේ

වික්ටෝරියා ප්‍රාන්තවාසීන් වෙනුවෙන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ නොමිළයේ සිදුකර ගැනීමට අවස්ථාව දීමට ප්‍රාන්ත සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා. එමෙන්ම බෙදා හරින පරීක්ෂණ කට්ටල සංඛ්‍යාවද වැඩි කිරීමට තීරණය කල බවයි ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මාර්ටින් ෆොලී සඳහන් කලේ. මේ අතර නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය මෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ ආසාධිතයන් සංඛ්‍යාවද ඉහළ යා හැකි බවට ඔහු අනතුරු අගවනවා. ඩොහර්ටි ආයතනය විසින් පසුගියදා කල අනාවැකිය මේ වනවිට ක්‍රම ක්‍රමයෙන් සැබෑ වෙමින් පවතින බවයි වික්ටෝරියා සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කලේ. ඩෙල්ටා සහ ඔමික්‍රොන්

Read More »

ප්‍රාන්ත 05 ක වැඩිම දෛනික ආසාධිතයන් ඊයේ – රෝගීන් 18,000 ඉක්මවයි

ගතවූ පැය 24 තුළදී ඔස්ටේ්‍රලියාවෙන් වාර්තා වු කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 18,000 ඉක්මවා ගොස් තිබෙනවා. නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා – ක්වීන්ස්ලන්ඩ් සහ දකුණු ඔස්ටේ්‍රලියා යන ප්‍රාන්ත සියල්ලම මේ දක්වා වැඩිම දෛනික ආසාධිතයන් සංඛ්‍යා වාර්තා කිරීම විශේෂත්වයක්. ඊයේ දිනයේදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 11,201 ක් ද වික්ටෝරියා ප්‍රාන්තයෙන් ආසාදිතයින් 3,767 ක් හමුවී තිබුණා. ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් 1589 ක් / දකුණු ඔස්ටේ්‍රලියාවෙන් 1471 ක් සහ ඒ සී ටී ප්‍රාන්තයෙන් 138 ක් ලෙසයි කොවිඩ් රෝගීන් වාර්තා වූයේ.

Read More »