වික්ටෝරියා ආසාධිතයන් තවත් ඉහළ යනු ඇතැයි අනාවැකි – රැපිඩ් කට්ටලත් නොමිලේ

වික්ටෝරියා ප්‍රාන්තවාසීන් වෙනුවෙන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ නොමිළයේ සිදුකර ගැනීමට අවස්ථාව දීමට ප්‍රාන්ත සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා.

එමෙන්ම බෙදා හරින පරීක්ෂණ කට්ටල සංඛ්‍යාවද වැඩි කිරීමට තීරණය කල බවයි ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මාර්ටින් ෆොලී සඳහන් කලේ.

මේ අතර නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය මෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ ආසාධිතයන් සංඛ්‍යාවද ඉහළ යා හැකි බවට ඔහු අනතුරු අගවනවා.

ඩොහර්ටි ආයතනය විසින් පසුගියදා කල අනාවැකිය මේ වනවිට ක්‍රම ක්‍රමයෙන් සැබෑ වෙමින් පවතින බවයි වික්ටෝරියා සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කලේ.

ඩෙල්ටා සහ ඔමික්‍රොන් යන වෛරස් ප්‍රභේද දෙකෙහිම බලපෑම මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තයට එල්ලවී තිබීමයි ඊට හේතුව වන්නේ.

ප්‍රාන්තයේ වැඩිම දෛනික ආසාධිතයන් සංඛ්‍යාවද ඊයේ වාර්තා වුණා.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »