ඔස්ටේ්‍රලියාවේ අලුත් කෘෂි වීසා කාණ්ඩයට වෙන්න යන දේ

කෘෂිකර්මය නගාසිටුවීමේ අරමුණින් ඔස්ටේ්‍රලියාව විසින් හඳුන්වාදුන් නව වීසා කාණ්ඩය යටතේ මෙතෙක් කිසිදු වීසා බලපත්‍රයක් නිකුත් කර නැතැයි අනාවරණය වනවා.

The agricultural worker visa හෙවත් AgVisa ලෙස නම් කල මෙම වීසා කාණ්ඩය යටතේ පුහුණු ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට ඔස්ටේ්‍රලියාව විසින් මේ දක්වා කිසිදු රටක් සමග ගිවිසුම් අත්සන් කර නොතිබීමයි ඊට හේතුව වන්නේ.

පසුගිය ඔක්තෝබර් මාසයේදී මෙම නව වීසා කාණ්ඩය හඳුන්වාදෙනු ලැබුවේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ට ඔස්ටේ්‍රලියාවේ ගොවිපොළවල සේවය කිරීම සඳහා අවස්ථාව සළසා දීමේ අරමුණ ඇතිවයි.

කෙසේවෙතත් ඒ සඳහා අඩු ඉල්ලුමක් ලැබී ඇති බැවින් ගිණිකොණ දිග ආසියානු රටවල් සමගද එකගතා ගිවිසුම් අත්සන් කිරීමට ඔස්ටේ්‍රලියා රජය තීරණය කර තිබෙනවා.

මෙම නව වීසා කාණ්ඩයට විපක්ෂය මෙන්ම වෙළඳ සංවිධාන කිහිපයක් විසින්ද විරෝධය පළකලේ ඔස්ටේ්‍රලියානු කෘෂිකර්ම සේවකයන්ට රැකියා අහිමිවනු ඇති බවට සැක මතු කරමින්.

https://7news.com.au/politics/no-new-farm-workers-on-agricultural-visa-c-5118566

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »