ශ්‍රී ලංකා විදේශ සංචිත ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළට

CBSL

ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් විදේශ සංචිත ප්‍රමාණය US ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා නිකුත් කල ට්විටර් සටහනක ඒ බව සඳහන්.

එමෙන්ම ලබන වසරේ ජනවාරි මස මුල් භාගයේදී තවදුරටත් විදේශ මුදල් ගලාඒම අපේක්ෂාවෙන් සිටින බවද මහ බැංකුව සඳහන් කලා.

දේශීය වෙළෙඳපොළ තුළ විදේශ විනිමය ද්‍රවශීලතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් මහ බැංකුව ගෙන ඇති ක්‍රියාමාර්ග, ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සඳහා දිරි දීමනා යෝජනා ක්‍රම හඳුන්වාදීම සහ අපනයන ආදායම නැවත මෙරටට ගෙන්වා ගැනීම සහ පරිවර්තනය කිරීම ආවරණය වන නීතිරීති මෙලෙස නිල සංචිත ඉහළ නැංවීමට හේතු වී ඇති බව මහබැංකුව පෙන්වා දෙනවා.

වත්මන් තත්වය සැළකිල්ලට ගැනීමේදී 2022 වසර පුරාවටම සංචිත තත්ත්වය යහපත් මට්ටමක පවතිනු ඇතැයි විශ්වාස කරන බවද මහබැංකුව නිකුත් කර ඇති නිවේදනයේ සඳහන්.

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »