Search

මරේ ගංගාවේ බෝට්ටුවක ගින්නකින් කුඩා ළමුන් 05 දෙනෙකු ඇතුලු 06 කට තුවාල

වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත සීමාව ආසන්නයේදී මරේ ගංගාවේ යාත්‍රා කරමින් තිබු බෝට්ටුවක හටගත් ගින්නකින් කුඩා ළමුන් 05 දෙනෙකු ඇතුලු 06 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අසාධ්‍ය තත්වයේ පසුවන එක් දැරියක ගුවන් මගින් Royal Children’s Hospital වෙත රැගෙනගිය බව සඳහන්.

බෝට්ටුවේ එන්ජිමෙහි ගින්නක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව කිසියම් පිපිරීමක් සිදුවී තිබෙනවා.

තුවාල ලැබූ ළමුන් 05 දෙනා අතර ගැහැණු ළමුන් 03 දෙනෙකු සහ පිරිමි ළමුන් දෙදෙනෙකු වනවා.

අනෙක් තැනැත්තා 30 හැවිරිදි අයෙක්.

ඔවුන් සියලු දෙනා වයස අවුරුදු 08 ත් 13 ත් අතර වියෙහි පසුවන්නන්.

ඔවුන්ගේ දෑත් සහ පාදවල පිළිස්සුම් තුවාල ඇතත් ඒවා මාරාන්තික නොවන බවයි බළධාරින් සඳහන් කලේ.

PIC – PRIME7

ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින් අතර ජනප්‍රිය “Trusted Brands” ප්‍රකාශයට පත් කෙරේ

2024 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ වඩාත්ම විශ්වාසදායක වෙළඳ නාම 20 පිළිබඳ නවතම වාර්තාවක් අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ලබන සඳුදා සිට ලංකාවේ Passport ගන්න පහසු වෙයි

ලබන සඳුදා සිට ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි යළි ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

Read More »

අයහපත් කාලගුණය පිළිබඳ මෙල්බන් වැසියන්ට දැනුම් දීමක්

ඉදිරි දින කිහිපය තුළ මෙල්බන්, ඇඩිලේඩ්ල පර්ත් සහ බ්‍රිස්බේන් යන නගර වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය නිවේදනය කර තිබෙනවා.

Read More »

අවම කාලයකින් වැඩි සේවාවක් ලබාගත හැකි නගර අතර මෙල්බන් පෙරමුණට

විනාඩි 15ක් වැනි කෙටි කාලයක් තුළ පුද්ගලයින්ට අවශ්‍ය පොදු සේවා කඩිනමින් ලබා ගත හැකි නගර පිළිබඳ නවතම අධ්‍යනයක් සිදු කර තිබෙනවා.

Read More »