Day: December 1, 2021

සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් දේශපාලනයෙන් සමුගනී ???

සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇති බවට මාධ්‍ය වාර්තා පළවනවා. ඔහු ඒ බව හෙට දිනයේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ඇති බව සඳහන්. මේ අනුව ලබන වසරේ පැවැත්වෙන ෆෙඩරල් මැතිවරණයේදී වික්ටෝරියා හි ෆ්ලින්ඩර්ස් ආසනය නියෝජනය කරමින් ඔහු තරග නොවදිනු ඇති බවයි වාර්තා වන්නේ. ග්‍රෙග් හන්ට් ගේ දේශපාලන ජීවිතයට මේ වනවිට වසර 20 කට ආසන්න කාලයක් ගතවී තිබෙනවා. මෙම වසරේ අවසන් පාර්ලිමේන්තු සතියයි මේ දිනවල ක්‍රියාත්මක වන්නේ. https://7news.com.au/politics/greg-hunt/greg-hunt-expected-to-resign-from-politics-c-4771083 https://www.9news.com.au/national/health-minister-greg-hunt-expected-to-announce-resignation-from-politics/1038db17-a0d9-4863-8df6-52cc0896d566

Read More »

වසර 62 ක් තුළ ඔස්ටේ්‍රලියාවේ දළ දේශීය නිෂ්පාදිතය කාර්තුවක 03 වන පහළම අගය වාර්තා කරයි

වසර 62 ක් තුළ ඔස්ටේ්‍රලියාවේ දළ දේශීය නිෂ්පාදිතය කාර්තුවකදී වාර්තා කල 03 වන පහළම අගය මෙවර සටහන්වී තිබෙනවා. සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ කාර්තුව තුළ එහි පහළපයාම සියයට 1.9 ක්. ඔස්ටේ්‍රලියාවේ දළ දේශීය නිෂ්පාදිතය පහළම අගය සටහන් කලේ 2020 වසරේ ජූනි මාසයේදීයි. එහිදී සියයට 6.8 කින් එය පහළ ගොස් තිබුණා. පැවති ලොක්ඩවුන් තත්වය හමුවේ මෙලෙස දළ දේශීය නිෂ්පාදිතය පහළ ගොස් ඇති බවයි ඔස්ටේ්‍රලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශ වාර්තා පෙන්වා දෙන්නේ. මෙම කාර්තුවේදීත් දළ දේශීය නිෂ්පාදිතය සෘණ අගයක් සටහන්

Read More »

බටහිර ඔස්ටේ්‍රලියා Skilled Visa වැඩසටහනෙහි නවතම තොරතුරු ප්‍රකාශයට පත් කෙරේ

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ පුහුණු නිපුණතා වීසා සංක්‍රමණ වැඩසටහනෙහි නවතම තොරතුරු ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව 190 කාණ්ඩයේ වීසා සඳහා ආරාධනා පත්‍ර 873 ක් නිකුත් කර ඇත. 491 කාණ්ඩයේ වීසා සඳහා ආරාධනා පත්‍ර 665 ක් නිකුත් කර ඇත. කාණ්ඩ 04 ක් යටතේ මෙම ආරාධනා පත්‍ර වර්ග කොට තිබේ. සමස්ත වෘත්තීන් ලේඛණය පහතින්. https://migration.wa.gov.au/SiteCollectionDocuments/Current%20documents/Last%20invited%20expression%20of%20interest%20by%20occupation%20-%20November%20invitation%20round.pdf

Read More »

ඊයේ වික්ටෝරියා ආසාධිතයන් 1179 යි / නිවු සවුත් වේල්ස් 251 යි

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1179 ක් හමුව ඇත. මරණ  06 ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව  11,959 කි. ඊයේ දිනයේදී (30) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 74,252 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 4,045 ක් ලබා දී තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (30) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 251 ක් වාර්තා වි තිබේ. දැනට 154 දෙනෙකු

Read More »

ක්ලියෝ ස්මිත් දැරිය මුදා ගැනීමේ මෙහෙයුමට සහභාගී වූ පොලිස් නිළධාරීන්ට සම්මාන

දින 18 ක් අතුරුදන්ව සිටි ක්ලියෝ ස්මිත් දැරිය මුදා ගැනීමේ මෙහෙයුමට සහභාගී වූ බටහිර ඔස්ටේ්‍රලියා පොලිස් නිළධාරීන්ට සම්මාන පිරිනමා තිබෙනවා. ඒ ප්‍රාන්ත අග්‍රාමාත්‍ය මාර්ක් මැක්ගෝවන් ද සහභාගී වූ ඊයේ රාත්‍රී පැවති උත්සවයකදීයි. සිය දියණිය බේරා ගැනීම පිළිබඳ ක්ලියෝ දැරියගේ මව සහ සුලු පියා විසින් මෙහිදී පොලිස් නිළධාරීන්ට විශේෂ ස්තූතියක් පිරිනමා තිබෙනවා. මේ අතර ක්ලියෝ දැරිය පැහැරගත් සැකකරු වන ටෙරන්ස් කෙලී ලබන සතියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඔහු මේ වනවිට පර්ත් නුවර විශේෂ රැඳවුම් මධ්‍යස්ථානයකයි

Read More »