Search

වසර 62 ක් තුළ ඔස්ටේ්‍රලියාවේ දළ දේශීය නිෂ්පාදිතය කාර්තුවක 03 වන පහළම අගය වාර්තා කරයි

වසර 62 ක් තුළ ඔස්ටේ්‍රලියාවේ දළ දේශීය නිෂ්පාදිතය කාර්තුවකදී වාර්තා කල 03 වන පහළම අගය මෙවර සටහන්වී තිබෙනවා.

සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ කාර්තුව තුළ එහි පහළපයාම සියයට 1.9 ක්.

ඔස්ටේ්‍රලියාවේ දළ දේශීය නිෂ්පාදිතය පහළම අගය සටහන් කලේ 2020 වසරේ ජූනි මාසයේදීයි.

එහිදී සියයට 6.8 කින් එය පහළ ගොස් තිබුණා.

පැවති ලොක්ඩවුන් තත්වය හමුවේ මෙලෙස දළ දේශීය නිෂ්පාදිතය පහළ ගොස් ඇති බවයි ඔස්ටේ්‍රලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශ වාර්තා පෙන්වා දෙන්නේ.

මෙම කාර්තුවේදීත් දළ දේශීය නිෂ්පාදිතය සෘණ අගයක් සටහන් කලහොත් එය ඔස්ටේ්‍රලියාව ආර්ථික අවපාතයක සිටින ලෙසටයි නම් කෙරෙන්නේ.

https://www.9news.com.au/national/australia-gdp-figures-september-quarter-2021-economy-retracts/cd7bf815-0e13-4839-a67c-bea58153edf5