ක්ලියෝ ස්මිත් දැරිය මුදා ගැනීමේ මෙහෙයුමට සහභාගී වූ පොලිස් නිළධාරීන්ට සම්මාන

දින 18 ක් අතුරුදන්ව සිටි ක්ලියෝ ස්මිත් දැරිය මුදා ගැනීමේ මෙහෙයුමට සහභාගී වූ බටහිර ඔස්ටේ්‍රලියා පොලිස් නිළධාරීන්ට සම්මාන පිරිනමා තිබෙනවා.

ඒ ප්‍රාන්ත අග්‍රාමාත්‍ය මාර්ක් මැක්ගෝවන් ද සහභාගී වූ ඊයේ රාත්‍රී පැවති උත්සවයකදීයි.

සිය දියණිය බේරා ගැනීම පිළිබඳ ක්ලියෝ දැරියගේ මව සහ සුලු පියා විසින් මෙහිදී පොලිස් නිළධාරීන්ට විශේෂ ස්තූතියක් පිරිනමා තිබෙනවා.

මේ අතර ක්ලියෝ දැරිය පැහැරගත් සැකකරු වන ටෙරන්ස් කෙලී ලබන සතියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔහු මේ වනවිට පර්ත් නුවර විශේෂ රැඳවුම් මධ්‍යස්ථානයකයි රඳවනු ලැබ සිටින්නේ.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »