Day: November 12, 2021

NSW ඊයේ කොවිඩ් ආසාධිතයන් 287 ක් / මරණ 02 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (11) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 287 ක් වාර්තා වි තිබේ. දැනට 236 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 34 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 02 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 610 කි. පසුගිය පැය 24 තුළදී පරීක්ෂණ 77,119 ක් සිදු කර ඇත. https://twitter.com/NSWHealth/status/1458917622838300675?s=20

Read More »

මෙල්බර්න් Sunshine පොලිස් අත්අඩංගුවේ පසුවූ අයෙකු මිය යාම ගැන විශේෂ පරීක්ෂණයක්

මෙල්බර්න් බටහිර Sunshine පොලිස් ස්ථානයේ අත්අඩංගුවේ පසුවූ පුද්ගලයෙකු මිය යාම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. එම ප්‍රදේශයේම පදිංචි 43 හැවිරිදි මෙම තැනැත්තා අත්අඩංගුවට ගනු ලැබුවේ අගහරුවාදා රාත්‍රියේයි. කෙසේවෙතත් ඊයේ රාත්‍රී 11 ට පමණ පරීක්ෂා කිරීමේදී ඔහු ප්‍රතිචාර දක්වා නොමැති අතර එම ස්ථානයට වහා වෛද්‍ය කණ්ඩායම් කැඳවා තිබෙනවා. එහෙත් ඒ වනවිටත් එම පුද්ගලයා මියගොස් සිට ඇති බවයි පොලිසිය සඳහන් කලේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක බව වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය කියාසිටියා. source : https://www.9news.com.au/national/man-dies-in-police-custody-at-sunshine-police-station-in-melbournes-west/2789f946-5b41-4ab9-b14a-f9eef7529806

Read More »
AUSTRALIA CRICKET TEAM

ඔස්ට්‍රේලියාව අවසන් තරගයට

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ජයගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනාගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්ථානයට ලබාදීමටය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 4ක් දැවී නියමිත පන්දුවාර විස්ස අවසානයේ ලකුණු 176ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම  කඩුලු 5ක් දැවී පන්දුවාර 19කදී ලකුණු 177ක් ලබා ගනිමින් තරගය ජයගැනීමට සමත් විය. ඒ අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායම නවසීලන්තය සමග අවසන් තරගයට ක්‍රීඩා

Read More »

වික්ටෝරියාවේ ඊයේ කොවිඩ් ආසාදිතයින් 1,115ක් | මරණ 9ක්

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින්  1,115ක් හමුව ඇත. මරණ  9ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 16,098 කි. ඊයේ දිනයේදී (11) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 67,925ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 9,584ක් ලබා දී තිබේ. අවදානම් ස්ථාන ලැයිස්තුව මෙතනින්- https://www.coronavirus.vic.gov.au/case-alerts-public-exposure-sites https://twitter.com/VicGovDH/status/1458917469351911426?s=20

Read More »

IT රැකියා සඳහා ලබන වසරේදී ඔස්ටේ්‍රලියාවට එන අයට ඉහළම වැටුපක්

තොරතුරු සන්නිවේදන ක්ෂේත්‍රයට සම්බන්ධ ඔස්ටේ්‍රලියානු ව්‍යාපාර අතුරින් සියයට 93 ක් පමණ ලබන වසරේදී රැකියා ගණනාවකට වැටුප් වැඩි කිරිම් ලබාදීමට සූදානම් වන බවට අනාවරණය වී තිබෙනවා. ඒ වසර 02 කට ආසන්න කාලයක් ලොව පුරා දේශ සීමා වසා තැබිම හමුවේ වෙනත් රටවල සිටින ඉහළ නිපුණත්වයක් සහිත වෘත්තිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහායි. විවිධ රැකියා 5800 ක් ආවරණය වන පරිදි ආයතන 1028 ක් ආශ්‍රිතව සිදුකල සමීක්ෂණයකදියි මෙම තොරතුරු අනාවරණ වී ඇත්තේ. අමෙරිකාව වැනි රටවල තොරතුරු තාක්ෂණ රැකියාවලට සාපේක්ෂව ඔස්ටේ්‍රලියාව

Read More »