Search

ඔස්ට්‍රේලියාව අවසන් තරගයට

AUSTRALIA CRICKET TEAM

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ජයගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනාගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්ථානයට ලබාදීමටය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 4ක් දැවී නියමිත පන්දුවාර විස්ස අවසානයේ ලකුණු 176ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම  කඩුලු 5ක් දැවී පන්දුවාර 19කදී ලකුණු 177ක් ලබා ගනිමින් තරගය ජයගැනීමට සමත් විය.

ඒ අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායම නවසීලන්තය සමග අවසන් තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය.