
තොරතුරු සන්නිවේදන ක්ෂේත්‍රයට සම්බන්ධ ඔස්ටේ්‍රලියානු ව්‍යාපාර අතුරින් සියයට 93 ක් පමණ ලබන වසරේදී රැකියා ගණනාවකට වැටුප් වැඩි කිරිම් ලබාදීමට සූදානම් වන බවට අනාවරණය වී තිබෙනවා.
ඒ වසර 02 කට ආසන්න කාලයක් ලොව පුරා දේශ සීමා වසා තැබිම හමුවේ වෙනත් රටවල සිටින ඉහළ නිපුණත්වයක් සහිත වෘත්තිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහායි.
විවිධ රැකියා 5800 ක් ආවරණය වන පරිදි ආයතන 1028 ක් ආශ්‍රිතව සිදුකල සමීක්ෂණයකදියි මෙම තොරතුරු අනාවරණ වී ඇත්තේ.

අමෙරිකාව වැනි රටවල තොරතුරු තාක්ෂණ රැකියාවලට සාපේක්ෂව ඔස්ටේ්‍රලියාව තුළදී ඒවාට ඉහළ පිළිගැනීමක් හිමිවන බවද මෙහිදී හෙළිදරව් වී තිබෙනවා.
ඒ අනුව ලබන වසරේදී පහත රැකියා සඳහා වැටුප් වැඩිවනු ඇති බවට අපේක්ෂිත ප්‍රතිශතයන් පහත පරිදි වේ.

- New Media User Experience Design (UXD) – Senior Manager, up 10.5 per cent
- Digital/Internet Marketing – Entry Professional, up 9.5 per cent
- Data Science/Big Data Mining – Experienced Professional, up 8 per cent
- IT Applications Development – Entry Professional, up 8 per cent
- IT Security – Entry Professional, up 8 per cent