Search

මෙල්බර්න් Sunshine පොලිස් අත්අඩංගුවේ පසුවූ අයෙකු මිය යාම ගැන විශේෂ පරීක්ෂණයක්

මෙල්බර්න් බටහිර Sunshine පොලිස් ස්ථානයේ අත්අඩංගුවේ පසුවූ පුද්ගලයෙකු මිය යාම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

එම ප්‍රදේශයේම පදිංචි 43 හැවිරිදි මෙම තැනැත්තා අත්අඩංගුවට ගනු ලැබුවේ අගහරුවාදා රාත්‍රියේයි.

කෙසේවෙතත් ඊයේ රාත්‍රී 11 ට පමණ පරීක්ෂා කිරීමේදී ඔහු ප්‍රතිචාර දක්වා නොමැති අතර එම ස්ථානයට වහා වෛද්‍ය කණ්ඩායම් කැඳවා තිබෙනවා.

එහෙත් ඒ වනවිටත් එම පුද්ගලයා මියගොස් සිට ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක බව වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය කියාසිටියා.

source : https://www.9news.com.au/national/man-dies-in-police-custody-at-sunshine-police-station-in-melbournes-west/2789f946-5b41-4ab9-b14a-f9eef7529806

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »

Steve Smith ශෛල්‍යකර්මයට බෑ කියයි

පසුගියදා ලෝඩ්ස්හිදී පැවති තීරණාත්මක තරඟයකදී ඔස්ට්‍රේලියා දක්ෂ මැද පෙළ පිතිකරු ස්ටීව් ස්මිත්ගේ දකුණු කුඩා ඇඟිල්ලට තුවාල සිදුවුණා. 

Read More »