Day: November 4, 2021

Cleo පැහැරගත් සැකකරු 02 වන වරටත් රෝහල්ගත කෙරේ / ප්‍රාන්ත අගමැති දැරියගේ සුවදුක් විමසයි

04 හැවිරිදි ක්ලියෝ ස්මිත් දැරිය පැහැර ගැනීමට සම්බන්ධ සැකකරු 02 වන වරටත් රෝහල්ගත කර තිබේ. 36 හැවිරිදි සැකකරුගේ රෝග තත්වය කුමක්දැයි බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත පොලිසිය විසින් මේ දක්වා ප්‍රකාශයට පත් කර නොමැත. ඔහු රෝහලෙන් පැමිණීමෙන් අනතුරුව චෝදනා භාරදීමට නියමිතයි. මේ අතර මෙම පැහැර ගැනීමේ සිද්ධියට වෙනත් කිසිවෙකුත් සම්බන්ධ නොමැති බවයි දැනට හෙළිකර ගෙන ඇත්තේ. බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත අගමැති Mark McGowan අද පෙරවරුවේ ක්ලියෝ ස්මිත් ගේ සුව දුක් විමසීම සඳහා නිවසට ගොස් තිබේ. එහිදී ඔහු සිහිවටනයක්

Read More »

වසර 07 කදී ඔස්ට්‍රේලියානු වීසා 10,000 ක් අවලංගුයි

අයදුම්කරුවන්ගේ චරිතය සහ පෙර වැරදි මත ඔස්ට්‍රේලියානු වීසා 10,000 ක් පමණ අවලංගු හෝ ප්‍රතික්ෂේප කළ බව මධ්‍යම රජය පවසයි. 2014 සිට ඔස්ට්‍රේලියානු වීසා 7,000 ක් පමණ අවලංගු කර ඇත. 3,000 කට අධික වීසා සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප කර ඇත. ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke සහ ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනී Karen Andrews නිකුත් කල ඒකාබද්ධ නිවේදනයක මෙය සඳහන්. විදේශීය අපරාධකරුවන්ගෙන්, මිනීමරුවන්ගෙන්, ළමා අපචාරකරුවන්ගෙන් සහ ස්ත්‍රී දූෂකයන්ගෙන් ඔස්ට්‍රේලියානු ජනතාව ආරක්ෂා කිරීමට මෙම තීරණය ගත් බව ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය

Read More »

වික්ටෝරියා නීති තවත් ලිහිල් කරන මීලග දිනය ගැන ඉගියක්

ලබන 24 වනදා වනවිට වික්ටෝරියා ප්‍රාන්තයේ එන්නත්කරණ ඉලක්කය සියයට 90 ඉක්මවා යනු ඇතැයි ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් විශ්වාසය පළ කරයි. ඒ අනුව එදිනෙන් පසු තවත් ලිහිල් කිරීම් රැසක් සිදුකල හැකි වනු ඇති බවයි අගමැතිවරයා කියාසිටියේ. නිවාස සිට සේවය කිරීමෙන් ඉවත්ව කාර්යාල සඳහා වැඩි වශයෙන් සේවකයන් ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාවය දෙන බවද ඔහු සඳහන් කලා. ආසාධිතයන් සංඛ්‍යාවේ සුලු අඩුවීමක් පැවතියද රෝහල්ගත වන සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස අඩුවී ඇති බවයි ඩැනියල් ඇන්ඩෲස් ප්‍රකාශ කලේ. නත්තලට පෙර බොහෝ මහජන

Read More »

NSW ඊයේ කොවිඩ් ආසාධිතයන් 309 ක් / මරණ 04 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (03) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 309 ක් වාර්තා වි තිබේ. දැනට 302 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 64 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 04 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 586 කි. පසුගිය පැය 24 තුළදී පරීක්ෂණ 94,661 ක් සිදු කර ඇත. https://twitter.com/NSWHealth/status/1456018493007020036?s=20

Read More »

වික්ටෝරියාවේ ඊයේ කොවිඩ් ආසාදිතයින් 1,247ක් | මරණ 9ක්!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින්  1,247ක් හමුව ඇත. මරණ  9ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,674 කි. ඊයේ දිනයේදී (3) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 50,180 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 16,209ක් ලබා දී තිබේ. අවදානම් ස්ථාන ලැයිස්තුව මෙතනින්- https://www.coronavirus.vic.gov.au/case-alerts-public-exposure-sites https://twitter.com/VicGovDH/status/1456018414619615239?s=20

Read More »