Search

වික්ටෝරියා නීති තවත් ලිහිල් කරන මීලග දිනය ගැන ඉගියක්

ලබන 24 වනදා වනවිට වික්ටෝරියා ප්‍රාන්තයේ එන්නත්කරණ ඉලක්කය සියයට 90 ඉක්මවා යනු ඇතැයි ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් විශ්වාසය පළ කරයි.

ඒ අනුව එදිනෙන් පසු තවත් ලිහිල් කිරීම් රැසක් සිදුකල හැකි වනු ඇති බවයි අගමැතිවරයා කියාසිටියේ.

නිවාස සිට සේවය කිරීමෙන් ඉවත්ව කාර්යාල සඳහා වැඩි වශයෙන් සේවකයන් ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාවය දෙන බවද ඔහු සඳහන් කලා.

ආසාධිතයන් සංඛ්‍යාවේ සුලු අඩුවීමක් පැවතියද රෝහල්ගත වන සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස අඩුවී ඇති බවයි ඩැනියල් ඇන්ඩෲස් ප්‍රකාශ කලේ.

නත්තලට පෙර බොහෝ මහජන ඒකරාශිවීම් උත්සව සඳහා අවසර දිය හැකි වාතාවරණයක් දක්නට ඇති බවද අගමැතිවරයා කියාසිටියේය.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින්  1,247ක් හමුව ඇත.

මරණ  9ක් ද වාර්තා විය​.

මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,674 කි.

ඊයේ දිනයේදී (3) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 50,180 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 16,209ක් ලබා දී තිබේ.

source : https://www.9news.com.au/national/coronavirus-victoria-latest-numbers-1247-new-infections-of-covid19-november-4/57c13560-a092-4dff-b05e-1712613d768f

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »