වසර 07 කදී ඔස්ට්‍රේලියානු වීසා 10,000 ක් අවලංගුයි

අයදුම්කරුවන්ගේ චරිතය සහ පෙර වැරදි මත ඔස්ට්‍රේලියානු වීසා 10,000 ක් පමණ අවලංගු හෝ ප්‍රතික්ෂේප කළ බව මධ්‍යම රජය පවසයි.

2014 සිට ඔස්ට්‍රේලියානු වීසා 7,000 ක් පමණ අවලංගු කර ඇත.

3,000 කට අධික වීසා සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප කර ඇත.

ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke සහ ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනී Karen Andrews නිකුත් කල ඒකාබද්ධ නිවේදනයක මෙය සඳහන්.

විදේශීය අපරාධකරුවන්ගෙන්, මිනීමරුවන්ගෙන්, ළමා අපචාරකරුවන්ගෙන් සහ ස්ත්‍රී දූෂකයන්ගෙන් ඔස්ට්‍රේලියානු ජනතාව ආරක්ෂා කිරීමට මෙම තීරණය ගත් බව ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke පැවසීය.

ඔස්ට්‍රේලියානු පුරවැසියන් නොවන පුද්ගලයින්ගේ වීසා අවලංගු කිරීම සඳහා වගකියන ප්‍රබල හේතු වනුයේ ඔස්ට්‍රේලියානු වීසා කොන්දේසි වලට අනුකූල නොවන ලෙස කටයුතු කිරීම / ඔස්ට්‍රේලියානු ප්‍රජාවගේ සෞඛ්‍ය සහ ආරක්ෂාවට අවදානමක් ඇති විය හැකි ලෙස කටයුතු කිරීමයි.

SOURCE : https://minister.homeaffairs.gov.au/KarenAndrews/Pages/character-cancellations-protecting-the-australian-community.aspx

රජයේ තීරණ නොසලකා ජාත්‍යන්තර සිසුන්ට වැඩි අවස්ථාවක් දෙන්න ප්‍රාන්තයක් සූදානම්

ෆෙඩරල් රජය ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇති පසුබිමක් තුළ Northern Territory ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන් සදහා වැඩි ඉඩක් ලබා දීමට සැළසුම් කර තිබෙනවා.

Read More »

බලාපොරොත්තු රැසක් තැබූ චීන අගමැති ඔස්ට්‍රේලියාවට ඇවිත් කියපු කතාව

තමා ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමඟ චීන ඔස්ට්‍රේලියා සබඳතා යළිත් යථා තත්ත්වයට පත් වී ඇති බව චීන අග්‍රාමාත්‍ය ලී ශියෑන් (Li Qiang) පවසනවා.

Read More »

විරෝධතාකරුවන්ගේ වැඩ නිසා සිඩ්නි සරසවි බලධාරීන් අවසන් තීරණයක් ගනී

පලස්තීන හිතවාදී ක්‍රියාකාරින්ගේ කඳවුරු සහ අනාරක්ෂිත කූඩාරම් වහාම ඉවත් කර ගන්නා ලෙසට සිඩ්නි විශ්ව විද්‍යාලය නියෝග කර තිබෙනවා.

Read More »