Cleo පැහැරගත් සැකකරු 02 වන වරටත් රෝහල්ගත කෙරේ / ප්‍රාන්ත අගමැති දැරියගේ සුවදුක් විමසයි

04 හැවිරිදි ක්ලියෝ ස්මිත් දැරිය පැහැර ගැනීමට සම්බන්ධ සැකකරු 02 වන වරටත් රෝහල්ගත කර තිබේ.

36 හැවිරිදි සැකකරුගේ රෝග තත්වය කුමක්දැයි බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත පොලිසිය විසින් මේ දක්වා ප්‍රකාශයට පත් කර නොමැත.

ඔහු රෝහලෙන් පැමිණීමෙන් අනතුරුව චෝදනා භාරදීමට නියමිතයි.

මේ අතර මෙම පැහැර ගැනීමේ සිද්ධියට වෙනත් කිසිවෙකුත් සම්බන්ධ නොමැති බවයි දැනට හෙළිකර ගෙන ඇත්තේ.

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත අගමැති Mark McGowan අද පෙරවරුවේ ක්ලියෝ ස්මිත් ගේ සුව දුක් විමසීම සඳහා නිවසට ගොස් තිබේ.

එහිදී ඔහු සිහිවටනයක් ලෙස ටෙඩි බෙයාර් දෙදෙනෙකු ක්ලියෝ ස්මිත් දැරියට ලබාදී ඇත.

ඇය සොයා ගැනීමේ මෙහෙයුමේදී ඉහළ කාර්ය භාරයක් කල පොලිස් නිළධාරීන් දෙදෙනා වන Cameron සහ Rod යන නම්වලින් එම ටෙඩි බෙයාර් දෙදෙනා නම් කරන ලෙසයි අගමැතිවරයා දැරියගෙන් ඉල්ලා ඇත්තේ.

source : https://www.9news.com.au/national/cleo-smith-update-missing-girl-spends-first-night-with-family-what-next-investigation-data-analysts-speak/92d3ee47-b8fd-49a3-b023-080d1c6a7d5a

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ට රැකියා සොයා ගැනීම ගැන උපදෙස් මාලාවක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදේශ සංක්‍රමණිකයින් සඳහා මෙරට රැකියා වෙළඳපල තුළ නව රැකියාවක් කඩිනමින් සොයා ගැනීම පිළිබඳ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් යළි කැඳවයි

නිෂ්පාදන දෝෂ කිහිපයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් නැවත කැඳවීමට ඇස්ටන් මාර්ටින් සමාගම් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

පිහි පරික්ෂාවට පොලිසිය නව නීති ඉල්ලයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය පුරා පිහි ඇනුම් සිදුවීම් ගණනාවක් වාර්තා වීම හේතුවෙන් පොලිස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ පිහි සෝදිසි කිරීම් සිදු කළ හැකි වන පරිදි නීති හඳුන්වා දෙන ලෙස ප්‍රාන්ත පොලිස් සංගමය ඉල්ලීමක් කරනවා.

Read More »

Today’s Topstories 2024.04.23

ඉලොන් මස්ක්ගේ ප්‍රතිචාරය ගැන අගමැතිගෙන් චෝදනා උණ ආසාදිතයන් ඉහළ යාම හමුවේ එන්නත් ලබා ගන්නැයි දැනුම්දීමක් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සිසුන්ට ශිෂ්‍යත්ව Woolworths කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ඇඳුමට කැමරාවක්   ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මිලදී ගන්න ධම්මික පෙරේරාත් සූදානමින්

Read More »