Day: October 26, 2021

ලබන 23 දා සිට දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සීමා විවෘතයි

ලබන 23 වනදා සිට සිය ප්‍රාන්ත සීමා විවෘත කරන බව දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය නිවේදනය කරයි. නිවු සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්ත සඳහා ද සිය ප්‍රාන්ත සීමා විවෘත කිරීමට දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන 23 වනදා සිට එම ප්‍රාන්තවල පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ට ද දකුණු ඔස්ටේ්‍රලියාවට ගමන් කිරීමට අවසර හිමිවනු ඇති. එමෙන්ම දකුණු ඔස්ටේ්‍රලියාවට විදේශයන් හි සිට පැමිණෙන පුද්ගලයන්ට මෙතෙක් පැවති දින 14 ක නිරෝධායන කාලසීමාව දින 07 දක්වා අඩු කර තිබෙනවා.

Read More »

ඔස්ටේ්‍රලියාවේ නිවාස ණයක් ගන්න සුදුසු ලබන 01 දාට කලින්ද ? පසුවද ? Current Affairs සමස්ත වැඩසටහන

ලබන පළමුවනදා සිට ඔස්ටේ‍රලියාව තුළ නිවාස ණය අයදුම් කිරීමේදී දැනට පවතින රෙගුලාසි කිහිපයක් සංශෝධනය වන අයුරු මීට දින කිහිපයකට පෙර AusලංකාTV වාර්තා කරන ලදී. එහෙත් වෙනස් වන නීති කවරේද සහ ඒවා සාමාන්‍ය ජනතාවට බලපැවැත්වෙන්නේ කුමන ආකාරයකින්ද යන්න මෙවර Current Affairs හරහා සාකච්ඡා කෙරිණ. ඒ සඳහා දායකත්වය ලබාදුන්නේ Jett Finance Group හි ප්‍රධාන විධායක නිළධාරී හා නිර්මාතෘ හසිත ධර්මසේන සහ Wisdom Group Financial services Director, Mortgage consultant ලසිත සමරතුංග යි. නිවාස ණයක් ගැනීමේදී ඔබ දැන ගත

Read More »

ඔස්ටේ්‍රලියා තරුණ ළමුන් අන්තවාදී ක්‍රියා සඳහා යොදාගැනීමේ ඉහළ ප්‍රවණතාවයක්

තරුණ වයසට එළැඹීමට සිටින ළමුන් අන්තවාදීන් විසින් ප්‍රචණ්ඩ ත්‍රස්ත ක්‍රියා සඳහා යොදාගැනීමේ ඉහළ ප්‍රවණතාවයක් දක්නට ඇති බවට ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය (AFP) අනතුරු අගවා සිටිනවා. විශේෂයෙන් අන්තර්ජාලය හරහා ඔවුන් සිදුකරන්නේ කුමක්ද යන්න දෙමව්පියන් අවධානයෙන් සිටිය යුතු බවටයි (AFP) දැනුම් දී ඇත්තේ. ප්‍රචණ්ඩ ක්‍රියාවක් සඳහා සූදානම් වූ 13 හැවිරිදි දරුවෙකු පිළිබඳ තොරතුරු වාර්තාවීමත් සමග මෙම අනතුරු ඇගවීම නිකුත් කරන බවයි ඔස්ටේ්‍රලියා ෆෙඩරල් පොලිසියේ ත්‍රස්ත මර්දන විමර්ශන අණදෙන නිළධාරී Stephen Dametto සඳහන් කලේ. කොවිඩ් වසංගතය හමුවේ ළමුන් වැඩි

Read More »

NSW ඊයේ කොවිඩ් ආසාධිතයන් 284 ක් / මරණ 01 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (25) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 284 ක් වාර්තා වි තිබේ. දැනට 457 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 109 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 01 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 559 කි. පසුගිය පැය 24 තුළදී පරීක්ෂණ 71,352 ක් සිදු කර ඇත. https://twitter.com/NSWHealth/status/1452762319566434304?s=20

Read More »

මෙල්බර්න් දේශපාලන රැකවරණ පතන්නන් පිරිසකට නිසි පහසුකම් නොදෙන බවට චෝදනා

මෙල්බර්න් හෝටලයක රඳවනු ලැබ සිටින සරණාගත සහ දේශපාලන රැකවරණ පතන්නන් 40 කට වැඩි පිරිසකට නිසි පහසුකම් නොදෙන බවට ෆෙඩරල් රජයට චෝදනා එල්ලවෙයි. මෙල්බර්න් Park Hotel හි රඳවා සිටින 46 දෙනකු අතුරින් 20 දෙනෙකු මේ වනවිටත් කොවිඩ් ආසාධිතයන් බවට හඳුනාගෙන තිබේ. Asylum Seeker Resource Centre ට අනුව මෙම පුද්ගලයන්ට සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමට දැඩි දුෂ්කරතා මතුව ඇති බව සඳහන්. ඇතැම්විට හෙදියකගේ සේවාව ලබාගැනීමට පැය 05 කට වැඩි කාලයක් බලා සිටීමට සිදුවන බවටද වාර්තා පවතී. එමෙන්ම අදාළ ස්ථානයේ වාතාශ්‍රය

Read More »