
තරුණ වයසට එළැඹීමට සිටින ළමුන් අන්තවාදීන් විසින් ප්‍රචණ්ඩ ත්‍රස්ත ක්‍රියා සඳහා යොදාගැනීමේ ඉහළ ප්‍රවණතාවයක් දක්නට ඇති බවට ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය (AFP) අනතුරු අගවා සිටිනවා.
විශේෂයෙන් අන්තර්ජාලය හරහා ඔවුන් සිදුකරන්නේ කුමක්ද යන්න දෙමව්පියන් අවධානයෙන් සිටිය යුතු බවටයි (AFP) දැනුම් දී ඇත්තේ.
ප්‍රචණ්ඩ ක්‍රියාවක් සඳහා සූදානම් වූ 13 හැවිරිදි දරුවෙකු පිළිබඳ තොරතුරු වාර්තාවීමත් සමග මෙම අනතුරු ඇගවීම නිකුත් කරන බවයි ඔස්ටේ්‍රලියා ෆෙඩරල් පොලිසියේ ත්‍රස්ත මර්දන විමර්ශන අණදෙන නිළධාරී Stephen Dametto සඳහන් කලේ.

කොවිඩ් වසංගතය හමුවේ ළමුන් වැඩි පිරිසක් නිවාසවල සිටීමත් අන්තර්ජාලයට වැඩි නැඹුරුවක් දැක්වීමත් හමුවේ මෙම අවධානම් නිවේදනය නිකුත් කරන බවයි වාර්තා වන්නේ.
කිසියම් අයුරකින් තම දරුවන් ආගමික අන්තවාදී අදහස් ප්‍රකාශ කිරීමක් සිදුකලහොත් වහා දැනුම් දෙන ලෙසටද ඔස්ටේ්‍රලියා ෆෙඩරල් පොලිසිය දෙමව්පියන්ට දන්වා සිටිනවා.
