Day: October 19, 2021

Commonwealth බැංකුවේ Online පද්ධතියේ දෝශයක් – ගණුදෙනුකරුවන් දැඩි අසීරුතාවයට

Commonwealth බැංකුවේ Online පද්ධතියේ හටගත් දෝශයක් හේතුවෙන් ගණුදෙනුකරුවන් දැඩි අසීරුතාවයට පත්ව තිබේ. NetBank සහ CommBank app භාවිත කරන පාරිභෝගිකයන්ට අද පෙරවරුවේ සිට දෝෂ ගණනාවකට මුහුණදීමට සිදුව ඇත. එබැවින් Online ගණුදෙනු කිසිවක් කරගත නොහැකි බව සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් තමන් දැනුවත් බවද කඩිනමින් යථා තත්වයට පත්කරන බවද Commonwealth බැංකුව නිකුත් කල ට්විටර් සටහනක දැක්වෙයි. https://twitter.com/CommBank/status/1450279789982482437?s=20   Pic – 7News

Read More »

වික්ටෝරියා කොවිඩ් එන්නත්කරණය තවත් වේගවත් කිරීමට $ මිලියන 21 ක නව පැකේජයක්

වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොවිඩ් එන්නත්කරණය තවත් වේගවත් කිරීම සඳහා ඩොලර් මිලියන 21 ක නව පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබේ. ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෘෘස් පැවසුවේ ආබාධ සහිත පුද්ගලයන් – අධි අවධානම් කාණ්ඩ සහ විවිධ ජන කොට්ඨාශ නියෝජනය කරන පුද්ගලයන් එන්නත්කරණය සඳහා එමගින් ප්‍රතිපාදන වෙන් කෙරෙන බවයි. විශේෂයෙන් ප්‍රාදේශීය ප්‍රදේශවල එන්නත්කරණ පහසුකම් වැඩි දියුණු කිරිම සඳහා මේ යටතේ වැඩි ඉඩක් වෙන් කෙරෙන බවද අගමැතිවරයා පැවසීය. ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින්

Read More »

Cranbourne කොවිඩ් මධ්‍යස්ථානයක traffic controller යටකර පළායාම ගැන විමර්ශණ

මෙල්බර්න් Cranbourne හි කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථානයක traffic controller වරයෙකු යටකර පළායාමට උත්සාහ දැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ වී තිබේ. Subaru sedan වර්ගයේ මෝටර් රථයකින් පැමිණි 32 හැවිරිදි පුද්ගලයෙකු Thompson Road හි පිහිටා තිබූ මධ්‍යස්ථානයේදී මෙම ක්‍රියාව සිදුකර තිබුණේ ඊයේ පස්වරු 05 යි 30 ට පමණය. මෙහිදී තවත් මෝටර් රථ 03 කටද හානි සිදුවී ඇතැයි වික්ටෝරියා පොලිසිය කියාසිටී. තුවාල ලැබු 22 හැවිරිදි traffic controller වරයාගේ එක් අතක් බිඳී ගොස් ඇති අතර සුලු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. අත්අඩංගුවට

Read More »

NSW ප්‍රාන්තයෙන් ඊයේ කොවිඩ් ආසාධිතයන් 273 ක් / මරණ 04 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (18) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 273 ක් වාර්තා වි තිබේ. දැනට 589 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 128 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 04 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 535 කි. පසුගිය පැය 24 තුළදී පරීක්ෂණ 90,597 ක් සිදු කර ඇත. https://twitter.com/NSWHealth/status/1450220171692425220?s=20

Read More »

වික්ටෝරියාවේ ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් 1,749ක් | මරණ 11ක්!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1,749 ක් හමුව ඇත. මරණ 11ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 22,476 කි. ඊයේ දිනයේදී (18) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 68,702 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 36,751ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1450220169620508678?s=20 අවදානම් ස්ථාන ලැයිස්තුව මෙතනින්- https://www.coronavirus.vic.gov.au/case-alerts-public-exposure-sites

Read More »