Cranbourne කොවිඩ් මධ්‍යස්ථානයක traffic controller යටකර පළායාම ගැන විමර්ශණ

මෙල්බර්න් Cranbourne හි කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථානයක traffic controller වරයෙකු යටකර පළායාමට උත්සාහ දැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ වී තිබේ.

Subaru sedan වර්ගයේ මෝටර් රථයකින් පැමිණි 32 හැවිරිදි පුද්ගලයෙකු Thompson Road හි පිහිටා තිබූ මධ්‍යස්ථානයේදී මෙම ක්‍රියාව සිදුකර තිබුණේ ඊයේ පස්වරු 05 යි 30 ට පමණය.

මෙහිදී තවත් මෝටර් රථ 03 කටද හානි සිදුවී ඇතැයි වික්ටෝරියා පොලිසිය කියාසිටී.

තුවාල ලැබු 22 හැවිරිදි traffic controller වරයාගේ එක් අතක් බිඳී ගොස් ඇති අතර සුලු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් පදිංචි සැකකරු මත්ද්‍රව්‍ය භාවිත කර සිටියේදැයි මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබේ.

ඔහුට එරෙහිව චෝදනා කිහිපයක්ම ගොණු කිරීමටද නියමිතය.

source : https://www.9news.com.au/national/traffic-controller-at-melbourne-covid19-testing-site-hit-by-car/347b9d33-e310-40f8-b734-ebb2e6156f71

නිවාස සොයන අයට සහනයක් ගෙන එමින් බැංකු සහ මූල්‍ය ආයතනවලට නව නීති මාලාවක්

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිසංස්කරණ හේතුවෙන් පොලී අනුපාත වෙනස්වීම් ඇතුලු කරුණු කිහිපයක් පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට බැංකු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »