Day: October 19, 2021

හිටපු ජනපති පුත්‍රයා දේශපාලනයට ඒමේ මුල් පියවර තබයි – නිදහස් පක්ෂයේ තනතුරකුත්

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පොලොන්නරුව ආසන තරුණ බල මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේන ඒකච්ජන්දයෙන් තේරිපත්විය. පොලොන්නරුව ආසන තරුණ බල මණ්ඩලය පිහිටුවීම හිටපු ජනාධිපති හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් පොලොන්නරුව නවනගරයේ පිහිටි බෞද්ධ සංගම් ශාලාවේදී පැවැත්විණි. ඒ අවස්ථාවේදී තරුණ බල මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස දහම් සිරිසේන ගේ නම යෝජනාවී ඇත. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ව්‍යවස්ථාවට අනුව දිස්ත‍්‍රික් මට්ටමින් පිහිටුවනු ලබන සංවිධානයක තනතුරක් සඳහා දහම් සිරිසේන තේරීපත්වූ

Read More »

එන්නත ප්‍රතික්ෂේප කල වික්ටෝරියා පොලිසියේ 43 කට රැකියා අහිමිවීමේ අවධානමක්

කොවිඩ් මර්දන එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කල වික්ටෝරියා පොලිස් කාර්ය මණ්ඩලයේ 40 කට වැඩි පිරිසක් සේවයෙන් ඉවත්ව ඇති අතර ඔවුන්ගේ රැකියා අහිමිවීමේ අවධානමක් නිර්මාණය වී තිබේ. පොලිස් නිළධාරීන් 34 ක් සහ Protective Services Officers 09 දෙනකු මේ අතර වන බව වික්ටෝරියා පොලිසිය නිවේදනය කලේය. ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිළධාරීවරයාගේ උපදෙස් නිසි පරිදි පිළිනොපැදීම මෙම පිරිසට එරෙහි චෝදනාවයි. වික්ටෝරියා පොලිස් කොමසාරිස්වරයාගේ නියෝග නොපිළිපැදීම යන වරද යටතේ මෙම පිරිසට එරෙහිව විනය පරික්ෂණ පවත්වා රැකියාවෙන් නෙරපා හැරීමට වුවද ප්‍රතිපාදන පවතී. පොලිස්

Read More »