හිටපු ජනපති පුත්‍රයා දේශපාලනයට ඒමේ මුල් පියවර තබයි – නිදහස් පක්ෂයේ තනතුරකුත් – AusLanka TV – Australian News for the Sri Lankan community

හිටපු ජනපති පුත්‍රයා දේශපාලනයට ඒමේ මුල් පියවර තබයි – නිදහස් පක්ෂයේ තනතුරකුත්

හිටපු ජනපති පුත්‍රයා දේශපාලනයට ඒමේ මුල් පියවර තබයි – නිදහස් පක්ෂයේ තනතුරකුත්

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පොලොන්නරුව ආසන තරුණ බල මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේන ඒකච්ජන්දයෙන් තේරිපත්විය.

පොලොන්නරුව ආසන තරුණ බල මණ්ඩලය පිහිටුවීම හිටපු ජනාධිපති හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් පොලොන්නරුව නවනගරයේ පිහිටි බෞද්ධ සංගම් ශාලාවේදී පැවැත්විණි.

ඒ අවස්ථාවේදී තරුණ බල මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස දහම් සිරිසේන ගේ නම යෝජනාවී ඇත.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ව්‍යවස්ථාවට අනුව දිස්ත‍්‍රික් මට්ටමින් පිහිටුවනු ලබන සංවිධානයක තනතුරක් සඳහා දහම් සිරිසේන තේරීපත්වූ ප‍්‍රථම අවස්ථාව මෙයයි.

හිටුපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ධූරය දක්වා පැමිණි දීර්ඝ ගමන ආරම්භකර ඇත්තේ ප‍්‍රථමයෙන් පොලොන්නරුව ආසන තරුණ බල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්වීමෙනි.

ඒ 1969 වසරේදී පමණය.