Search

එන්නත ප්‍රතික්ෂේප කල වික්ටෝරියා පොලිසියේ 43 කට රැකියා අහිමිවීමේ අවධානමක්

කොවිඩ් මර්දන එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කල වික්ටෝරියා පොලිස් කාර්ය මණ්ඩලයේ 40 කට වැඩි පිරිසක් සේවයෙන් ඉවත්ව ඇති අතර ඔවුන්ගේ රැකියා අහිමිවීමේ අවධානමක් නිර්මාණය වී තිබේ.

පොලිස් නිළධාරීන් 34 ක් සහ Protective Services Officers 09 දෙනකු මේ අතර වන බව වික්ටෝරියා පොලිසිය නිවේදනය කලේය.

ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිළධාරීවරයාගේ උපදෙස් නිසි පරිදි පිළිනොපැදීම මෙම පිරිසට එරෙහි චෝදනාවයි.

වික්ටෝරියා පොලිස් කොමසාරිස්වරයාගේ නියෝග නොපිළිපැදීම යන වරද යටතේ මෙම පිරිසට එරෙහිව විනය පරික්ෂණ පවත්වා රැකියාවෙන් නෙරපා හැරීමට වුවද ප්‍රතිපාදන පවතී.

පොලිස් සේවයද අත්‍යවශ්‍ය සේවයක් ලෙස නම් කර ඇති අතර ඔවුන්ද අනිවාර්යයෙන් එන්නත ලබාගත යුතු ක්ෂේත්‍රයක් ලෙස නම් කර ඇත.

එන්නත නොගතහොත් රැකියාව අහිමි වේද ? Current Affairs සම්පූර්ණ වැඩසටහන

source : https://7news.com.au/lifestyle/health-wellbeing/exposed-the-number-of-victorian-police-staff-who-face-losing-their-jobs-over-covid-jab-refusal-c-4270134

වික්ටෝරියා පොලිස් අත්අඩංගුවේ සිටියදී රැඳවියෙක් Cyanide කා මරුට

අත්අඩංගුවට ගැනීමට යාමේදී Cyanide පානය කර මියගිය පුද්ගලයාගේ මරණය වැළැක්විය නොහැකි එකක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂකයෙකු තහවුරු කර තිබෙනවා.

Read More »