Day: October 10, 2021

වික්ටෝරියානු ප්‍රාන්තයේ ඊයේ කොවිඩ් ආසාධිතයන් 1,890 ක්!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1,890 ක් හමුව ඇත. මරණ 5ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 18,342 කි. ඊයේ දිනයේදී (09) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 74,105 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 39,861ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1446961166283165696?s=20 අවදානම් ස්ථාන ලැයිස්තුව මෙතනින්- https://www.coronavirus.vic.gov.au/case-alerts-public-exposure-sites

Read More »

VIDEO : යොහානි සමග සල්මන් ඛාන් “මැණිකේ මගේ හිතේ” ගයයි

“මැණිකේ මගේ හිතේ” ගීතයෙන් ලොව පුරා මිලියන සංඛ්‍යාත රසික හදවත් දිනූ ශ්‍රී ලාංකික යොවුන් ගායිකා යොහානි ඉන්දීය රියැලිටි තිරයට ද පිවිසෙනවා. ඒ ඉන්දියාවේ අතිශතය ජනප්‍රිය රියැලිටි ටෙලිවිෂන් වැඩසටහනක් වන බිග්බොස් නවතම වැඩසටහනට විශේෂ ආරාධනාවක් ලැබ එක්වීමෙන්. බිග්බොස් රියලිටි වැඩසටහනේ 15 වන කලාපය දැන් දිගහැරෙන්නේ බොලිවුඩ් නළු සල්මාන් ඛාන් සමගයි. මේ සති අන්තයේ යොහානි එම වැඩසටහනට එක්වන අතර, ඇය සල්මාන් ඛාන් සමග මැණිකේ මගේ හිතේ ගීතය ගායනා කිරීමට උත්සාහ කරන ප්‍රවර්ධන වීඩියෝවක් ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍යයට එක්

Read More »

නත්තල් අවසන් වන තුරු වික්ටෝරියා පුරා සති අන්තයේදීත් Australia Post පාර්සල් බෙදා හරී

නත්තල් සමය අවසන් වන තුරු වික්ටෝරියා ප්‍රාන්තය පුරා සති අන්තයේදීත් පාර්සල් බෙදා හැරීමට Australia Post තීරණය කර තිබේ. ඒ අනුව දැනට ගොඩ ගැසී ඇති පාර්සල් බෙදා හැරීම වේගවත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. දිනකට පාර්සල් ලක්ෂ 10 ක් පමණ බෙදා හැරීමට හැකිවනු ඇතැයි Australia Post විශ්වාසය පළ කර සිටී. පසුගිය දිනවල පැවති ට්‍රක් රථ රියදුරු වර්ජනයත් – වික්ටෝරියා ප්‍රාන්තය ලොක්ඩවුන් කර තැබීමත් හමුවේ මේ වනවිට අති විශාල පාර්සල් සංඛ්‍යාවක් ගොඩගැසී ඇති බවයි Australia Post සඳහන් කලේ.

Read More »