Day: October 10, 2021

වික්ටෝරියා ජාතික උද්‍යානයක අනතුරකින් 08 හැවිරිදි දැරියක මිය යයි

වික්ටෝරියා Wilsons Promontory National Park හි සිදුවූ අනතුරකින් 08 හැවිරිදි දැරියක අද පෙරවරුවේ මියගොස් තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් caravan රථ රියදුරෙකු මේ වනවිට සිය භාරයේ පසුවන බව වික්ටෝරියා පොලිසිය කියාසිටී. Wilsons Promontory National Park හි ජනප්‍රියම සංචාරක ගමනාන්තයක් වන Tidal River ආසන්නයේදීයි මෙම අනතුර සිදුවී ඇත්තේ. The Prom ලෙසද හැඳින්වෙන Wilsons Promontory National Park පිහිටා ඇත්තේ මෙල්බර්න් සිට කිලෝමීටර් 240 ක් ගිණිකොණ දෙසට වන්නය. source : https://7news.com.au/news/vic/victorian-girl-killed-after-being-struck-by-caravan-at-campground-in-wilsons-promontory-national-park-c-4196996

Read More »

Barbecue ඡායාරූපයට අගමැති මොරිසන්ට දසතින් චෝදනා

නිරෝධායනය වෙමින් සිටින අතරතුර සමාජ මාධ්‍යයේ පළකල ඡායාරූපයක් සම්බන්ධයෙන් අගමැති ස්කොට් මොරිසන්ට දැඩි විවේචන එල්ල වී තිබේ. අමෙරිකාව සිට පැමිණීමෙන් පසු අගමැතිවරයා The Lodge හි මේ වනවිට දින 14 ක නිරෝධායනය වෙමින් සිටී. ඊයේ දිනයේදී ඔහු විසින් barbecue සකස් කරන ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ පළකර තිබිණ. කෙසේවෙතත් විදේශයන් හි සිට පැමිණෙන සාමාන්‍ය ඔස්ටේ්‍රලියානුවන්ට අඩු පහසුකම් වලින් සහිත නිරෝධායන මධ්‍යස්ථානවල සිටීමට සිදුව තිබීමත් ඇතැමුන්ට කාමරයෙන් එළියට පවා යාමට නොහැකි වන ලෙස දැඩි නීති අනුගමනය කිරීමත් අගමැතිවරයාට ඊට

Read More »

child care දීමනාව මාස 04 කට පෙර – මෙවර $ 2200 ක දීමනා වැඩි කිරීමක්

child care දීමනාව මාස 04 කට පෙර ලබාදීමට ෆෙඩරල් රජය තීරණය කර තිබේ. ඒ අනුව ලබන වසරේ ජූලි මාසයේදී පිරි නැමීමට නියමිතව තිබූ මෙම දීමනාව මාර්තු මාසයේදී ගෙවීමට නියමිතයි. පවුල් 250,000 කට පමණ හිමිවන child care දීමනාව මගින් මෙවර වාර්ෂික සාමාන්‍ය ඩොලර් 2200 ක පමණ දීමනා වැඩි කිරීමක් ලබාදෙන බවයි අධ්‍යාපන අමාත්‍ය Alan Tudge සඳහන් කලේ. සතියකට දින 04 ක් ළමුන් දෙදෙනෙකු child care සඳහා යොදවා සිටින වසරකට ඩොලර් 110,000 කට වැඩි ආදායමක් ලබන පවුලකට

Read More »

වික්ටෝරියා නිරෝධායන නීතිවලට ශේන් වෝන් ගෙන් චෝදනා

වික්ටෝරියා හි ක්‍රියාත්මක නිරෝධායන නීති සාධාරණ නැතැයි හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ශේන් වෝන් චෝදනා කරනවා. ඔහු මේ වනවිට ලන්ඩන් නුවර සිට නැවතත් මෙල්බර්න් දක්වා පැමිණීමට නියමිත අතර ට්විටර් සටහනක් තබමින් විමසා සිටින්නේ තමන් දින 14 ක් නිරෝධායනය විය යුතුද යන්නයි. තමන් මේ වනවිට එන්නත් මාත්‍රා 02 ම ලබාගෙන ඇති බවත් ඔහු පවසා සිටිනවා. ශේන් වෝන් චෝදනා කරන්නේ හෝටලයක කුඩා කාමරයක සිරවී දින 14 ක් සිටීමට සිදුවීම අනුකම්පා විරහිත ක්‍රියාවක් බවයි. Thanks for having me London

Read More »

NSW ඊයේ කොවිඩ් මරණ 06 ක් – ආසාධිතයන් 479 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (09) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 479 ක් වාර්තා වි තිබේ. දැනට 794 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 159 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 06 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 487 කි. පසුගිය පැය 24 තුළදී පරීක්ෂණ 86,155 ක් සිදු කර ඇත. https://twitter.com/NSWHealth/status/1446989973136179201?s=20

Read More »