වික්ටෝරියා නිරෝධායන නීතිවලට ශේන් වෝන් ගෙන් චෝදනා

වික්ටෝරියා හි ක්‍රියාත්මක නිරෝධායන නීති සාධාරණ නැතැයි හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ශේන් වෝන් චෝදනා කරනවා.

ඔහු මේ වනවිට ලන්ඩන් නුවර සිට නැවතත් මෙල්බර්න් දක්වා පැමිණීමට නියමිත අතර ට්විටර් සටහනක් තබමින් විමසා සිටින්නේ තමන් දින 14 ක් නිරෝධායනය විය යුතුද යන්නයි.

තමන් මේ වනවිට එන්නත් මාත්‍රා 02 ම ලබාගෙන ඇති බවත් ඔහු පවසා සිටිනවා.

ශේන් වෝන් චෝදනා කරන්නේ හෝටලයක කුඩා කාමරයක සිරවී දින 14 ක් සිටීමට සිදුවීම අනුකම්පා විරහිත ක්‍රියාවක් බවයි.

52 හැවිරිදි ෂේන් වෝන්ට මීට මාස කිහිපයකට පෙර කොවිඩ් වෛරසයද වැළඳී තිබුණා.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ මෙන් වික්ටෝරියා හි නිවාස නිරෝධායනයක් ක්‍රියාත්මක නොවන බැවින් ෂේන් වෝන් ට හෝටල් නිරෝධායනයට යොමුවීමට සිදුවන බවයි පැවසෙන්නේ.

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »