VIDEO : යොහානි සමග සල්මන් ඛාන් “මැණිකේ මගේ හිතේ” ගයයි

“මැණිකේ මගේ හිතේ” ගීතයෙන් ලොව පුරා මිලියන සංඛ්‍යාත රසික හදවත් දිනූ ශ්‍රී ලාංකික යොවුන් ගායිකා යොහානි ඉන්දීය රියැලිටි තිරයට ද පිවිසෙනවා.

ඒ ඉන්දියාවේ අතිශතය ජනප්‍රිය රියැලිටි ටෙලිවිෂන් වැඩසටහනක් වන බිග්බොස් නවතම වැඩසටහනට විශේෂ ආරාධනාවක් ලැබ එක්වීමෙන්.

බිග්බොස් රියලිටි වැඩසටහනේ 15 වන කලාපය දැන් දිගහැරෙන්නේ බොලිවුඩ් නළු සල්මාන් ඛාන් සමගයි.

මේ සති අන්තයේ යොහානි එම වැඩසටහනට එක්වන අතර, ඇය සල්මාන් ඛාන් සමග මැණිකේ මගේ හිතේ ගීතය ගායනා කිරීමට උත්සාහ කරන ප්‍රවර්ධන වීඩියෝවක් ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

මැණිකේ මගේ හිතේ ගීතය මේ වනවිට යූ ටියුබ් නාලිකාවේ නැරඹුම්වාර දාහතර කෝටි පනස් හය ලක්ෂය ඉක්මවා තිබෙනවා.

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »