නත්තල් අවසන් වන තුරු වික්ටෝරියා පුරා සති අන්තයේදීත් Australia Post පාර්සල් බෙදා හරී

නත්තල් සමය අවසන් වන තුරු වික්ටෝරියා ප්‍රාන්තය පුරා සති අන්තයේදීත් පාර්සල් බෙදා හැරීමට Australia Post තීරණය කර තිබේ.

ඒ අනුව දැනට ගොඩ ගැසී ඇති පාර්සල් බෙදා හැරීම වේගවත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දිනකට පාර්සල් ලක්ෂ 10 ක් පමණ බෙදා හැරීමට හැකිවනු ඇතැයි Australia Post විශ්වාසය පළ කර සිටී.

පසුගිය දිනවල පැවති ට්‍රක් රථ රියදුරු වර්ජනයත් – වික්ටෝරියා ප්‍රාන්තය ලොක්ඩවුන් කර තැබීමත් හමුවේ මේ වනවිට අති විශාල පාර්සල් සංඛ්‍යාවක් ගොඩගැසී ඇති බවයි Australia Post සඳහන් කලේ.

ඒ අනුව නත්තල් සමය ඉලක්ක කරගනිමින් අමතර සේවකයන් බඳවා ගැනීමටද සිදුවනු ඇතැයි Australia Post පසුගියදා නිවේදනය කලේය.

ගොඩගැසී ඇති පාර්සල් බෙදා හැර අවසන් වන තුරු eBay – Amazon වැනි e-commerce පාර්සල් ලබා නොගැනීමටද Australia Post පසුගියදා තීරණය කලේය.

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »