Day: September 22, 2021

ඉදි කිරීම් සේවකයන් 03 වන දිනයටත් මෙල්බර්න් වීථි අවහිර කර විරෝධතාවයේ

ඉදි කිරීම් සේවකයන් විසින් 03 වන දිනයටත් මෙල්බර්න් නගරයේ වීථි අවහිර කරමින් උද්ඝෝෂණ ආරම්භ කර තිබේ. CFMEU මූලස්ථානය අසලට අද (22) පෙරවරුවේ රැස්වූ ඔවුන් පොලිස් බාධා නොතකමින් ඉදිරියට ඇදෙමින් සිටින බව සඳහන්. කෙසේවෙතත් ඊයේ දිනයට වඩා අද වැඩි පොලිස් නිළධාරීන් නිළධාරීන් පිරිසක් යොදවා ඇති අතර අත්අඩංගුවට ගැනීම්ද ආරම්භ කර ඇත. මේ වනවිට Flinders Street හි ද පිරිසක් උද්ඝෝෂණය කරමින් සිටින බව වාර්තා වේ. අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් පැවැත්වූ වික්ටෝරියා අගමැති Daniel Andrews & Victoria Police

Read More »

NSW ප්‍රාන්තයෙන් ඊයේ කොවිඩ් ආසාධිතයන් 1035 ක් / මරණ 05 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (21) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 1035 ක් වාර්තා වි තිබේ. දැනට 1232 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 242 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 05 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 316 කි. https://twitter.com/NSWHealth/status/1440481230823165954?s=20

Read More »

Update: මෙල්බර්න් භූමිකම්පාව හමුවේ ජීවිත හානි නැහැ – ගොඩනැගිලි රැසකට හානි

මෙල්බර්න් නගරයට හටගත් රික්ටර් මාපකයේ ඒකක 6 ක ප්‍රබල භූමිකම්පාව හමුවේ කිසිදු ජීවිත හානියක් සිදුවී නැහැ. අද පෙරවරු 09 යි 15 ට පමණ එය හටගෙන තිබුණා. කෙසේවෙතත් ගොඩනැගිලි රැසකට හානි සිදුවී ඇති බවයි වාර්තා සඳහන් කලේ. මෙල්බර්න් නුවරට නැගෙනහිරින් මෑන්ස්ෆීල්ඩ් නම් ප්‍රදේශයේ හටගත් මෙම කම්පනය තත්පර 30 කට ආසන්න කාලයක් පැවති අතර එය සිඩ්නි සහ කැන්බරා නගර වෙතද දැනී තිබෙනවා. සැළකිය යුතු හානියක් සිදුවී ඇත්තේ  South Yarra හි Chapel වීථියටයි. Pics – 7News/9News

Read More »

Breaking : මෙල්බන් නුවරට භූ චලනයක්!

මෙල්බර්න් නගරයට ඊසාන දෙසින් කි.මී 150 ක් දක්වා රිච්ටර් මාපක 6.0 ක භූමිකම්පාවක් සිදුව ඇති අතර එය බටහිර දෙසින් Ballarat දක්වා සහ උතුරෙන් කැන්බරා දක්වාද දැනී ඇත. අද​ (22) උදෑසන 9.15 ට පමණ මෙම කම්පනය වාර්තා වී තිබේ. වැඩි විස්තර තවදුරටත් බලාපොරොත්තු වන්න​. Source: 7News Image: https://earthquakes.ga.gov.au/

Read More »

ගත වූ පැය 24 තුල වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා රෝගීන් ගණන

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 628 ක් හමුව ඇත. මරණ 3ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6,223 කි. ඊයේ දිනයේදී (21) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 60,829 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා43,056 ක් ලබා දී තිබේ. Reported yesterday: 628 new local cases and 0 cases acquired overseas. – 43,056 vaccines administered – 60,829 test results

Read More »