Search

ඉදි කිරීම් සේවකයන් 03 වන දිනයටත් මෙල්බර්න් වීථි අවහිර කර විරෝධතාවයේ

ඉදි කිරීම් සේවකයන් විසින් 03 වන දිනයටත් මෙල්බර්න් නගරයේ වීථි අවහිර කරමින් උද්ඝෝෂණ ආරම්භ කර තිබේ.

CFMEU මූලස්ථානය අසලට අද (22) පෙරවරුවේ රැස්වූ ඔවුන් පොලිස් බාධා නොතකමින් ඉදිරියට ඇදෙමින් සිටින බව සඳහන්.

කෙසේවෙතත් ඊයේ දිනයට වඩා අද වැඩි පොලිස් නිළධාරීන් නිළධාරීන් පිරිසක් යොදවා ඇති අතර අත්අඩංගුවට ගැනීම්ද ආරම්භ කර ඇත.

මේ වනවිට Flinders Street හි ද පිරිසක් උද්ඝෝෂණය කරමින් සිටින බව වාර්තා වේ.

අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් පැවැත්වූ වික්ටෝරියා අගමැති Daniel Andrews & Victoria Police Commissioner Shane Patton උද්ඝෝෂකයන්ට අනතුරු අගවා සිටියේ කිසිදු අයුරකින් නගරයට ඇතුලු නොවන ලෙසයි.

ඊයේ දිනයේදී අත්අඩංගුවට ගත් ඉදි කිරීම් සේවකයන් ගණන 62 කි.

 

Source : https://7news.com.au/business/workplace-matters/arrests-begin-in-melbourne-cbd-as-fears-of-another-violent-protest-grow-c-4034363

ඔස්ට්‍රේයාවේ සරසවි වලට මින් ඉදිරියට සල්ලි දෙන්නේ නෑ – ට්‍රම්ප් කියයි

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රතිපාදන කප්පාදු කිරීම හමුවේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල 07 ක පර්යේෂණ (Research) වැඩසටහන් සඳහා බාධා එල්ල වී තිබෙනවා.

Read More »