Day: September 19, 2021

හෙට සිට Greater Sydney කලාපයම එකම කොවිඩ් රෙගුලාසි මාලාවක් යටතට

Greater Sydney කලාපය තුළ මෙතෙක් ක්‍රියාත්මක වූ කොවිඩ් මර්දන රෙගුලාසි එකම ආකාරයකින් ක්‍රියාත්මක වීම හෙට සිට ආරම්භ කෙරේ. ඒ අනුව දැනට අධි අවධානම් ප්‍රදේශ ලෙස නම් කර ඇති LGA 12 ක් සහ සිඩ්නි හි අනෙකුත් Lockdown කර ඇති ප්‍රදේශවල එක හා සමාන නීති මාලාවක් හෙට එනම් සඳුදා සිට බලාත්මක වනු ඇත. එහිදී නිවසින් පිටත ශරීර සුවතා සඳහා සීමාවක් බල නොපැවැත්වෙන අතර කිලෝමීටර් 05 ක වපසරිය තුළ අත්‍යවශ්‍ය කටයුතු සඳහා පිටත්ව යාමට අවසර ලැබෙන බවයි නිවු

Read More »

NSW මුලු කොවිඩ් මරණ 300 සීමාවේ – ඊයේ ආසාධිතයන් 1085 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (18) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 1085 ක් වාර්තා වි තිබේ. දැනට 1238 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 234 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 13 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 297 කි. https://twitter.com/NSWHealth/status/1439395657060519936?s=20

Read More »

ගත වූ පැය 24 තුල වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා රෝගීන් ගණන

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 507 ක් හමුව ඇත. එක් මරණයක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,262 කි. ඊයේ දිනයේදී (18) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 58,619 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 43,441ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1439357283813658626?s=20

Read More »

ඔස්ට්‍රේලියානු නායකයාට අළුබඳුන තරගාවලිය අහිමිවන ලකුණු

ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ටිම් පෙයින් අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවීම අවිනිශ්චිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ගෙල ප්‍රදේශයේ සිදුකළ සැත්කමක් හේතුවෙන් ටිම් පෙයින් හට තරගාවලිය හෝ තරග කිහිපයක් මඟහැරෙනු ඇති බව වාර්තා වේ. කෙසේවුවද  නිශ්චිත විවේක කාලයකින් පසු තමන්ට අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රිඩා කළ හැකි බවද ටිම් පෙයින් සඳහන් කර තිබේ. ලබන දෙසැම්බර් මාසයේ දී අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය ආරම්භවීමට නියමිතව තිබෙන හෙයින් ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් නායකයාට සිය සෞඛ්‍ය

Read More »

වික්ටෝරියා Lockdown කිරීමෙන් නිදහස් කිරීමේ සැලසුම අද ප්‍රකාශයට

නොවැම්බර් මාසය දක්වා පනවන කොවිඩ් නීති හා සීමාවන් විස්තර කරමින් lockdown කිරීමෙන් නිදහස් කිරීමේ වික්ටෝරියා ප්‍රාන්ත සැලසුම අද (19 ඉරිදා) නිකුත් කෙරේ. පසුගිය සිකුරාදා රාත්‍රී 12 සිට පහත පරිදි සීමා ලිහිල් කෙරිණ. කොවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ලබා ඇති පුද්ගලයින්ට සහ එන්නත ලබා නොමැති පුද්ගලයින්ට නිවසින් බාහිර හමුවීම් සඳහා උපරිම පුද්ගලයින් දෙදෙනෙකු දක්වා රැස්විය හැකිය. එමෙන්ම සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට නිවසේ සිට යා හැකි දුර ප්‍රමාණය කිලෝ මීටර් 5 සිට 10 දක්වා දීර්ග කෙරිණ.

Read More »