Day: September 12, 2021

NSW ඊයේ කොවිඩ් ආසාධිතයන් 1262 ක් – මරණ 07 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (11) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 1262 ක් වාර්තා වි තිබේ. දැනට 1206 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 220 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 07 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 233 කි. https://twitter.com/NSWHealth/status/1436857990062100481?s=20

Read More »

වික්ටෝරියා හි buggy අනතුරකින් 06 හැවිරිදි දැරියක මරුට – තවත් ළමුන් 06 කට තුවාල

Regional වික්ටෝරියා හි සිදුවූ buggy රථ අනතුරකින් 06 හැවිරිදි දැරියක මියගොස් තවත් ළමුන් 06 දෙනෙකු තුවාල ලබා තිබේ. Rosedale හි ඉඩමකදී මෙම අනතුර සිදුව ඇතැයි සඳහන්. තුවාල ලැබූවන් අතර සිටින 04 හැවිරිදි දැරියකගේ තත්වය අසාධ්‍ය බව රෝහල් වාර්තා කියයි. buggy රථයේ රියදුරාද තුවාල ලබා ඇති නමුත් ඔහුගේ තත්වය අසාධ්‍ය නොමැත. අද දිනයේදී වික්ටෝරියා අපරාධ විමර්ශන අංශ නිළධාරීන් පැමිණ මෙය හදිසි අනතුරක්ද නොඑසේනම් සිතා මතා සිදුකල අනතුරක්ද යන්න පිළිබඳ විමර්ශනය කිරීමට නියමිතයි. File Photo

Read More »

යොහානිගේ ‘මැණිකේ මාගේ හිතේ’ YouTube Views කෝටි 10 ඉක්මවයි

යොවුන් කළා ශිල්පිනියක් වන යොහානි ද සිල්වා ගයනා කරන ‘මැණිකේ මාගේ හිතේ’ ගීතය ‘යූටියුබ්’ සමාජ මාධ්‍ය ජලයේ නැරඹුම් වාර (views) කෝටි 10 පසු කළේය. ‘මැණිකේ මාගේ හිතේ’ ගීතය (11) පස්වරු 6.00 වන විට දසකෝටි හාරලක්‍ෂ තිස්දහස (100,430,000) ඉක්මවා නරඹා තිබුණි. ඇයගේ මෙම ගීතය පසුගිය අගෝස් මස 23 වැනිදා කෝටි 5 සම්පූර්ණ කළේය. ශ්‍රී ලාංකිකයකුගේ ගීතයකට යූටියුබ්හි මෙවැනි දැවැන්ත ප්‍රතිචාරයක් ලැබුණු දෙවන අවස්ථාව මෙය වන අතර ඇයගේ ගීත ඉන්දියාව තුළ දැඩි ජනප්‍රියතාවක් ලැබීම මෙවැනි දැවැන්තියූටියුබ්’ පරිශිලකයන්

Read More »
MELBOURNE VICTORIA

ගත වූ පැය 24 තුල වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා රෝගීන් ගණන​

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 392 ක් හමුව ඇත. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,112 කි. ඊයේ දිනයේදී (11) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 48,063 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 36.534 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1436822276708593665?s=20

Read More »

දින 200 ක් වසා දමා තිබියදී මෙල්බර්න් සිනමා ශාලාවක් අපූරු ප්‍රයත්නයක

වික්ටෝරියා ප්‍රාන්තයේ සිනමා ශාලා දින 200 කට ආසන්න කාලයක් වසා දමා තිබියදී මෙල්බර්න් නගරයේ එක් සිනමා ශාලාවක් අපූරු ප්‍රයත්නයක් දරා තිබේ. ඒ තමන් සතු සියලු වීඩියෝ පට කුලියට ලබාදීම සඳහා සිනමා ශාලාව ඉදිරිපිට තබා තිබීමයි. Elsternwick හි Classic සිනමා ශාලාවයි මෙම කටයුත්ත සිදුකර ඇත්තේ. අවශ්‍ය අයෙකුට තමන් සතු වීඩියෝ පටයක් වුවද ගෙනවිත් මෙම ස්ථානයට භාරදිය හැකිය. මීට වසර 15-20 කට පෙර තරුණයන්ව සිටි සමයේ වීඩියෝ හල් තුළ චිත්‍රපට තෝරමින් පැය ගණනාවක් ගත කල සමයේ අත්දැකීම

Read More »