දින 200 ක් වසා දමා තිබියදී මෙල්බර්න් සිනමා ශාලාවක් අපූරු ප්‍රයත්නයක

වික්ටෝරියා ප්‍රාන්තයේ සිනමා ශාලා දින 200 කට ආසන්න කාලයක් වසා දමා තිබියදී මෙල්බර්න් නගරයේ එක් සිනමා ශාලාවක් අපූරු ප්‍රයත්නයක් දරා තිබේ.

ඒ තමන් සතු සියලු වීඩියෝ පට කුලියට ලබාදීම සඳහා සිනමා ශාලාව ඉදිරිපිට තබා තිබීමයි.

Elsternwick හි Classic සිනමා ශාලාවයි මෙම කටයුත්ත සිදුකර ඇත්තේ.

අවශ්‍ය අයෙකුට තමන් සතු වීඩියෝ පටයක් වුවද ගෙනවිත් මෙම ස්ථානයට භාරදිය හැකිය.

මීට වසර 15-20 කට පෙර තරුණයන්ව සිටි සමයේ වීඩියෝ හල් තුළ චිත්‍රපට තෝරමින් පැය ගණනාවක් ගත කල සමයේ අත්දැකීම වත්මන් තරුණයන්ට ලබාදීම අරමුණ වූ බව සිනමාශාලාවේ බළධාරීන් පවසා සිටී.

ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක්

සාගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා ගාසා තීරයට බාධාවකින් තොරව ආධාර ලබා දීමට අවස්ථාව සලසන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලයට නියෝග කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ගුවන්තොටුපලවල දැඩි කාර්ය බහුල තත්ත්වයක්

ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනක් මෙම දීර්ඝ පාස්කු සති අන්ත නිවාඩුවත් සමග ගුවන් ගමන් සඳහා එක්වීමට අපේක්ෂා කරන බව හෙළිව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සැත්කමකට සූදානමින් ඉන්න අයට පණිවුඩයක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කාර්ය සාධක බලකායක ක්‍රියාමාර්ගවලින් පසු ශල්‍යකර්ම සඳහා වූ පොරොත්තු කාලය අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් ව්‍යාපාරිකයාගේ ලැම්බෝගිනි ඇතුලු මෝටර් රථ 17ක් පොලිසියට

මෙල්බන් නගරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට අයත් ඩොලර් මිලියන 4ක වටිනාකමින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read More »