
යොවුන් කළා ශිල්පිනියක් වන යොහානි ද සිල්වා ගයනා කරන ‘මැණිකේ මාගේ හිතේ’ ගීතය ‘යූටියුබ්’ සමාජ මාධ්‍ය ජලයේ නැරඹුම් වාර (views) කෝටි 10 පසු කළේය.
‘මැණිකේ මාගේ හිතේ’ ගීතය (11) පස්වරු 6.00 වන විට දසකෝටි හාරලක්‍ෂ තිස්දහස (100,430,000) ඉක්මවා නරඹා තිබුණි.
ඇයගේ මෙම ගීතය පසුගිය අගෝස් මස 23 වැනිදා කෝටි 5 සම්පූර්ණ කළේය.

ශ්‍රී ලාංකිකයකුගේ ගීතයකට යූටියුබ්හි මෙවැනි දැවැන්ත ප්‍රතිචාරයක් ලැබුණු දෙවන අවස්ථාව මෙය වන අතර ඇයගේ ගීත ඉන්දියාව තුළ දැඩි ජනප්‍රියතාවක් ලැබීම මෙවැනි දැවැන්තියූටියුබ්’ පරිශිලකයන් සංඛ්‍යාවක් වාර්තා වීමට හේතු වී තිබේ.
යොහානි ද සිල්වා, ශ්‍රී ලංකාව කොටි ත්‍රාස්තවාදීන්ගෙන් මුදාගැනීමේ මානුෂික මෙහෙයුමේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ 57 වැනි සේනාංකයේ ප්‍රධානී ලෙස අනගි සේවයක් කළ මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා මහතාගේ දියණිය වන්නීය.
