Day: August 20, 2021

කොවිඩ් මරණ ගැන හඩ අවධි කල කරාපිටිය වෛද්‍යවරයාට කොවිඩ් වාට්ටුවට ස්ථාන මාරුවක්

ශ්‍රී ලංකාව තුල සිදුවන කොවිඩ් මරණ පිළිබඳ කිසිවෙකුත් අවධානය යොමු නොකරන බවට පසුගියදා මාධ්‍ය හමුවකදී ආවේගශීලිව අදහස් පලකල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්දනට එහි කොවිඩ් වාට්ටුවට ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා. අප කල විමසීමකදී කරාපිටිය රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කලේ රෝහල් අධ්‍යක්ෂවරයා විසින් ඔහුගේ සේවය අගයමින් මෙම ස්ථාන මාරුව ලබාදී ඇති බවයි. වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන විසින් කොවිඩ් මර්දනයට මීට පෙර කැප්සියුලයක් ද නිපදවනු ලැබුවත් ඊට අනුමැතියක් ලැබුණේ නැහැ.

Read More »

ඇෆ්ඝනිස්ථානයෙන් පුද්ගලයන් ඉවත් කරගත් පළමු ගුවන් යානය පර්ත් වෙත

ඇෆ්ඝනිස්ථානයෙන් පුද්ගලයන් ඉවත් කරගත් පළමු ගුවන් යානය පර්ත් නගරයට ගොඩ බස්වා තිබෙනවා. ඔස්ටේ්‍රලියානුවන් 90 දෙනෙකු සහ ඇෆ්ඝන් වීසා බලපත් හිමි පිරිසක් ඒ අතර වන බව සඳහන්. ඇෆ්ඝන් මෙහෙයුම්වල නිරතවී සිටි සමස්ත ඔස්ටේ්‍රලියානුවන් ගණන 600 කට අධිකයි. එමෙන්ම ඇෆ්ඝන් ජාතිකයන් 3000 කට පමණ ඔස්ටේ්‍රලියාව තුළදී රැකවරණය දීමට තමා සූදානම් බවයි අගමැති ස්කොට් මොරිසන් සඳහන් කර සිටියේ. මේ අතර ඇෆ්ඝන් ජාතිකයන් පිරිසක් සහ බ්‍රිතාන්‍ය පුරවැසියන් කණ්ඩායමක් රැගත් ඔස්ටේ්‍රලියානු හමුදා ගුවන් යානයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගොඩ

Read More »

තවත් ආසාධිතයන් 644 ක් / Greater Sydney සැප්තැම්බර් අවසන් වන තෙක් Lockdown

තවත් කොවිඩ් ආසාධිතයන් 644 ක් හඳුනාගැනීමත් සමග Greater Sydney කලාපය සඳහා පණවා තිබූ Lockdown තත්වය සැප්තැම්බර් මාසය අවසන් වන තෙක් දීර්ඝ කර තිබේ. එමෙන්ම ලබන සඳුදා සිට අධි අවධානම් පළාත් පාලන බල ප්‍රදේශ 12 ක පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා දිනපතා ඇඳිරි නීතිය පැණවෙනු ඇත. Bayside, Blacktown, Burwood, Campbelltown, Canterbury-Bankstown, Cumberland, Fairfield, Georges River, Liverpool, Parramatta, Strathfield, & Penrith. ප්‍රාන්තය පුරා මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇත. ශරීර සුවතා ඇතුලු කාර්යයන් හිදී පවා මුහුණු

Read More »
MELBOURNE

වික්ටෝරියා ප්‍රජාව අතරින් තවත් ආසාදිතයින් 55 ක්

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 55 ක් හමුව ඇත. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 349 කි. ඊයේ දිනයේදී (19) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 48,273 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 28,601 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1428499119325200390?s=20

Read More »

වැඩිම දින ගණනක් Lockdown කර ඇති නගර අතුරින් මෙල්බර්න් 05 වන ස්ථානයට

කොවිඩ් වසංගතය ආරම්භයේ සිට වැඩිම දින ගණනක් Lockdown කර ඇති නගර අතුරින් 05 වන ස්ථානය මෙල්බර්න් නගරයට හිමිවී තිබේ. ඊයේ වනවිට මෙල්බර්න් නගරය Lockdown කර තිබු මුලු දින ගණන 200 ක් බවට පත්විය. මේ වනවිට මෙල්බර්න් නගරය ගත කරමින් සිටින්නේ 06 වන Lockdown තත්වයේයි. Source : https://en.wikipedia.org/wiki/COVID-19_lockdowns

Read More »