කොවිඩ් මරණ ගැන හඩ අවධි කල කරාපිටිය වෛද්‍යවරයාට කොවිඩ් වාට්ටුවට ස්ථාන මාරුවක් – AusLanka TV – Australian News for the Sri Lankan community

කොවිඩ් මරණ ගැන හඩ අවධි කල කරාපිටිය වෛද්‍යවරයාට කොවිඩ් වාට්ටුවට ස්ථාන මාරුවක්

කොවිඩ් මරණ ගැන හඩ අවධි කල කරාපිටිය වෛද්‍යවරයාට කොවිඩ් වාට්ටුවට ස්ථාන මාරුවක්

ශ්‍රී ලංකාව තුල සිදුවන කොවිඩ් මරණ පිළිබඳ කිසිවෙකුත් අවධානය යොමු නොකරන බවට පසුගියදා මාධ්‍ය හමුවකදී ආවේගශීලිව අදහස් පලකල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්දනට එහි කොවිඩ් වාට්ටුවට ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා.

අප කල විමසීමකදී කරාපිටිය රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කලේ රෝහල් අධ්‍යක්ෂවරයා විසින් ඔහුගේ සේවය අගයමින් මෙම ස්ථාන මාරුව ලබාදී ඇති බවයි.

වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන විසින් කොවිඩ් මර්දනයට මීට පෙර කැප්සියුලයක් ද නිපදවනු ලැබුවත් ඊට අනුමැතියක් ලැබුණේ නැහැ.