ඇෆ්ඝනිස්ථානයෙන් පුද්ගලයන් ඉවත් කරගත් පළමු ගුවන් යානය පර්ත් වෙත

ඇෆ්ඝනිස්ථානයෙන් පුද්ගලයන් ඉවත් කරගත් පළමු ගුවන් යානය පර්ත් නගරයට ගොඩ බස්වා තිබෙනවා.

ඔස්ටේ්‍රලියානුවන් 90 දෙනෙකු සහ ඇෆ්ඝන් වීසා බලපත් හිමි පිරිසක් ඒ අතර වන බව සඳහන්.

ඇෆ්ඝන් මෙහෙයුම්වල නිරතවී සිටි සමස්ත ඔස්ටේ්‍රලියානුවන් ගණන 600 කට අධිකයි.

එමෙන්ම ඇෆ්ඝන් ජාතිකයන් 3000 කට පමණ ඔස්ටේ්‍රලියාව තුළදී රැකවරණය දීමට තමා සූදානම් බවයි අගමැති ස්කොට් මොරිසන් සඳහන් කර සිටියේ.

මේ අතර ඇෆ්ඝන් ජාතිකයන් පිරිසක් සහ බ්‍රිතාන්‍ය පුරවැසියන් කණ්ඩායමක් රැගත් ඔස්ටේ්‍රලියානු හමුදා ගුවන් යානයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගොඩ බස්වා තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »