Day: July 18, 2021

දුමින්ද සිල්වා නිවාස අධිකාරියේ සභාපති ලෙස පත් කරයි

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා පත් කිරීමට කටයුතු කර තිබේ. ජනාධිපති ලේකම්වරයා විසින් ග්‍රාමීය නිවාස ඉදිකිරීම් හා ගොඩනැගිල්ල ද‍්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දැනුම්දී ඇත්තේ අදාල පත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අනුමත කර ඇති බවය. ඒ අනුව එම පත් කිරීමට අවශ්‍ය කටයුතු කරන සිදුකරනු ලෙසද ජනාධිපති ලේකම්වරයා විසින් දැනුම් දී ඇතැයිද සදහන්ය. අදාල පත්කිරීම් ලිපිය යයි සදහන් කරමින් සමාජ ජාලවල සංසරණය වන ලිපිය මෙහි දැක්වෙයි.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් ආසාධිතයන් 16 ක් / 10,000 ක් හුදකලා භාවයට

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ (17) කොවිඩ් ආසාධිතයන් 16 දෙනෙකු වාර්තා වී තිබේ. ඊයේ හඳුනාගත් සියලු දෙනා මීට පෙර හඳුනාගත් ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් වෙයි. මේ අනුව ප්‍රාන්තයේ වර්තමාන කොවිඩ් පොකුර 59 දක්වා ඉහළ යයි. මේ වනවිට ප්‍රාන්තයේ 10,000 කට අධික පිරිසක් හුදකලා භාවයට පත් කර ඇත. https://twitter.com/VicGovDH/status/1416540240211288065?s=20

Read More »

2030 දී වෙරළාශ්‍රිත නගරවලට අතිශය දරුණු ගංවතුර ආපදා – නාසා ආයතනයෙන් අනාවැකියක්

2030 වර්ෂයේදී වෙරළාශ්‍රිතව පිහිටි නගරවලට අතිශය දරුණු ගංවතුර ආපදාවකට මුහුණදීමට සිදුවිය හැකි බව නාසා ආයතනය අනාවැකි පළකර තිබේ. මෙම අධ්‍යයනය සිදුකර තිබුණේ අමෙරිකානු වෙරළාශ්‍රිත කලාපය කේන්ද්‍රගත කරමින් වුවත් එහි ප්‍රතිඵල සමස්ත ලෝකයටම අදාළ බව නාසා ආයතනය පවසයි. ගෝලීය උණුසුම ඉහළ යෑමේ ප්‍රතිඵලයෙක් ලෙස එම තත්ත්වය හටගන්නා බව එහිදී පෙන්වා දී ඇත. නාසා ආයතනය සිදුකළ නවතම අධ්‍යයනයකින් ඒ බව පෙනීගොස් තිබේ. ගෝලීය උණුසුම ඉහළ යෑමේ ප්‍රතිඵලයක් වශයෙන් සහ සාමාන්‍ය චන්ද්‍ර චක්‍රවල බලපෑම නිසා මෙවැනි තත්ත්වයක් ඇතිවිය

Read More »