2030 දී වෙරළාශ්‍රිත නගරවලට අතිශය දරුණු ගංවතුර ආපදා – නාසා ආයතනයෙන් අනාවැකියක්

2030 වර්ෂයේදී වෙරළාශ්‍රිතව පිහිටි නගරවලට අතිශය දරුණු ගංවතුර ආපදාවකට මුහුණදීමට සිදුවිය හැකි බව නාසා ආයතනය අනාවැකි පළකර තිබේ.

මෙම අධ්‍යයනය සිදුකර තිබුණේ අමෙරිකානු වෙරළාශ්‍රිත කලාපය කේන්ද්‍රගත කරමින් වුවත් එහි ප්‍රතිඵල සමස්ත ලෝකයටම අදාළ බව නාසා ආයතනය පවසයි.

ගෝලීය උණුසුම ඉහළ යෑමේ ප්‍රතිඵලයෙක් ලෙස එම තත්ත්වය හටගන්නා බව එහිදී පෙන්වා දී ඇත.

නාසා ආයතනය සිදුකළ නවතම අධ්‍යයනයකින් ඒ බව පෙනීගොස් තිබේ.

ගෝලීය උණුසුම ඉහළ යෑමේ ප්‍රතිඵලයක් වශයෙන් සහ සාමාන්‍ය චන්ද්‍ර චක්‍රවල බලපෑම නිසා මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකි බවද නාසා ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙයි.

මින් පෙර එවැනි ව්‍යසනයකට ලොව මුහුණ දෙනු ඇති බවට අනාවැකි පළකර තිබුණේ තවත් අවුරුදු 70කින් පමණ පසුවය.

ගෝලීය උණුසුම ඉහළ යෑමත් සමග දීර්ඝ කාලීනව සාගර මට්ටම ඉහළ යමින් තිබේ.

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන්ගේ ප්‍රධානතම ගැටලු අතරට

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන් මුහුණදෙන ප්‍රධානතම ගැටලුවක් බවට පත්වි ඇතැයි නවතම සමීක්ෂණයක් අනාවරණය කරනවා.

Read More »

වික්ටෝරියා ගුරුවරුන්ට $ දහස් ගණනක මුදල් සහනාධාරයක්

දුෂ්කර හෝ ප්‍රාදේශීය කලාපවල සති 03 ක පුහුණුව සම්පූර්ණ කිරීමට කැමති පුහුණු ගුරුවරුන්ට ඩොලර් දහස් ගණනක මුදල් සහනාධාරයක් දීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »
AUS LANKA RADIO

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »

Today’s Top Stories – Friday 09th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »