ඩොලර් රැකගන්න ලංකා ආණ්ඩුවෙන් අලුත් නීති
ශ්‍රී ලංකාව තුළ ඇති විදෙස් මුදල් පිටවීම සීමාකිරීම සඳහා රෙගුලාසි කිහිපයක් ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ අත්සනින් යුතුවයි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ ඇති වත්කමකින්, මුදල් ත්‍යාග ලෙස විගාමිකයෙකු (emigrants) ලද අරමුදල්වලින් සංක්‍රමණික දීමනාව යටතේ එවන අරමුදල් ආපසු සියරට යැවීම අත්හිටුවා තිබෙනවා. එමෙන්ම විගාමිකයින්ගේ අරමුදල් ආපසු සියරට යැවීම අමෙරිකානු ඩොලර් 10,000 ක් හෝ ඒ සමාන ප්‍රමාණයක් දක්වා සීමා කර ඇති