
ඔස්ටේ්‍රලියාව තුළ කොවිඩ් මර්දනය සඳහා අධියර 04 කින් සමන්විත ජාතික වැඩසටහනක් හඳුන්වාදීමට අද පැවති ජාතික කැබිනට් රැස්වීමේදී එකග වී ඇත.
අගමැති ස්කොට් මොරිසන් මේ බව නිවේදනය කලේ ප්‍රාන්ත අගමැතිවරුන් සමග අද පැවති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය හමුවක් අමතමිනුයි.
01 අධියර – එන්නත්කරණය වේගවත් කිරීමයි. මෙය “Vaccinate, prepare and pilot” ලෙස නම් කෙරේ

02 අධියර – බරපතල ලෙස රෝගාතුරවීම් අඩු කිරීමයි – එමගින් රෝහල්ගත වන සංඛ්‍යාවේද අඩුවක් අපේක්ෂා කෙරේ
03 අධියර – වෙනත් රෝග තත්වයන්ට කොවිඩ් තත්වය ගෙන ඒමයි. එනම් කිසිදා තුරන් නොවන සෙම්ප්‍රතිශ්‍යාව – උණ රෝග සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයට කොරෝනා වෛරසය පත් කිරීමයි.

04 අධියර – ජන ජීවිතය සාමාන්‍ය තත්වයට පත් කිරීමයි. ඒ අනුව එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන්ට ඔස්ටේ්‍රලියාවට කිසිදු බාධවකින් තොරව පැමිණීමට අවස්ථාව සලසා දීම අවසාන ඉලක්කයයි. අවසර දෙන රටවල් සංඛ්‍යාවද වැඩි කෙරේ.
මේ අතර ජූලි 14 වනදා වනවිට සතියකට ගෙන්වා ගන්නා පුද්ගලයන් සංඛ්‍යාව දැනට පවතින 6070 සීමාව අඩකින් අඩු කිරීමට ද අද පැවති සාකච්ඡාවේදී එකගවී තිබේ.
ඒ අනුව එය 3035 දක්වා අඩුකෙරෙන අතර පැමිණෙන ගුවන් යානා සංඛ්‍යාවද සීමා කෙරේ.
ලබන වසර දක්වා එම සීමාව පවත්වාගෙන යනු ඇත.
දැනට පවතින නිරෝධායන කාලසීමාව දින 14 සිට දින 07 දක්වා අඩු කිරීමටද ජාතික කැබිනට් මණ්ඩලය අවධානය යොමු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැත.